Google search engine
Home ගොසිප් පුවත් කතරගම ව්‍යාජ අටපිරිකර ජාවාරමක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට

කතරගම ව්‍යාජ අටපිරිකර ජාවාරමක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට

0
5

kataragama-fake-atapirikara

වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු කතරගම පොලීසිය හා මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (14දා) පෙරවරුවේ කතරගම පුදබිමේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඒ කතරගම පුදබිමේ සැදැහැවතෙකු විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සදහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමේදීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම,ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට කතරගම හා අවට ප්‍රදේශවලට මෙලෙස ව්‍යාප් ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතිමතුන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සැකකරුවන් කතරගම පුදබිමේ පැවැත්වෙන පින්කමක් සදහා අටපිරිකර 150ක ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයද එම ස්ථානයට පැමිණි අතර එහිදී උන්වහන්සේලා විසින් ද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කෙරිණ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතාගේ උපදෙස්පරිදි,මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස්. බී.රත්නායක මහතාගේ නියෝග පරිදි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධානී දිනූෂ ලක්මාල්, විමර්ශන නිළධාරීන් වන ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.සී. එම්.භාෂිත්, එම්.එෆ්.එම්.රේෂාන් යන නිලධාරීන් හා කතරගම පොලිසියේ නිලධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවන් ජයසේකර

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here