කඩුවෙල ඉන්ධන පිරවුම්හලකට බෝම්බ ප‍්‍රහාරයක්..

0
4

කඩුවෙල කොරොතට ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට අද අලුයම පෙට‍්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

එම අවස්ථාවේ ඉන්ධන හල වසා දමා තිබී ඇති අතර මාර්ගය අයිනේ යතුරු පැදිය නවතා අදාළ ප්‍රහාරය එල්ල කර ඇතත් එය පුපුරා ගොස් නැත.

පොලිසිය සැක කරන්නේ අදාල ඉන්ධන පිරුම්හලේ හිමිකරුගේ නිවස ඉදිරිපිට දැනට මාස කිහිපයකට පෙර වෙඩි තබා බිය ගැන්වීමේ සිදුවීම මේ හා සම්බන්ධයක් ඇති බවටයි.

විදේශගතව සිටින පාතාල ජාවාරම්කරුවකු කප්පම් ඉල්ලා මෙසේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරන බවත් එම කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා කුලී මැරයන් යොදා මෙසේ තර්ජනය කරමින් සිටින බවත් පොලිසිය තවදුරටත් කියා සිටියි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here