කටුනායක ගුවන් තොටුපොළෙන් ස්වර්ණාභරණ සහ රත්‍රං ජෙල් තොගයක්

0
7


ස්වර්ණාභරණ සහ රත්‍රං ජෙල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ පෞද්ගලික ආයතනයක සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

55 හැවිරිදි වියේ පසු වන වේයන්ගොඩ, මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගත් බවයි ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ.

කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ  වැසිකිළියක් තුළ දී මෙම ස්වර්ණාභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය වෙනත් කාන්තාවක් විසින් මෙම සේවිකාවට ලබා දී තිබෙනවා.

එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකු වෙත භාර දෙන ලෙස සැකකාර  සේවිකාවට අදාළ කාන්තාව විසින් දැනුම් දී ඇත්තේ රුපියල් හැට දහසක මුදලක් ලබා දෙන පොරොන්දුව මත බවයි රේගු නිලධාරීන් පැවසුවේ. 

එම පාර්සලය තුළ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් සහ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 350 ක් බරැති රත්‍රන් ජෙල් තොගයක් තිබූ බවද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පැවසුවා.

මෙම රත්තරන් ජෙල් තොගය තුළ සියයට 95 ක ප්‍රතිශතයක ප්‍රමාණයකින් පිරිසිදු රත්තරන් ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව එම පාර්සලයේ තිබූ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් පමණ වන බවයි වාර්තා වුණේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here