කටුගස්තොට සන්නද්ද කල්ලියකින් ප‍්‍රහාරයක්..

0
6

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර ඇත.

කළු පැහැති ඇදුම් වලින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පසුගිය (09) දින පස්වරු 5.30 ට පමණ අදාළ ව්‍යාපාරික ස්ථානයට කඩාවැදී මෙම පහරදීම සිදුකර දින තුනක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය විසින් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

මාළු කැපීමට උපයෝගි කර ගන්නා දිග පිහි රැගෙන පැමිණි මෙම පිරිස අදාළ ස්ථානයේ ව්‍යාපාරික ස්ථානයේ සේවකයින් බිය ගන්වා පළවා හැරීමෙන් පසු එහි ටයිල් ඇල්ලූ පොළවට, ශීතකරණ වලට, ඇළුමිනියම් දොරට හා වාහන වල වින්ඩ් ස්ක්‍රීන් වලට හානි කර තිබෙන බව ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සුපුන් ලක්මාල් නැමැති අය  සහ ගොඩනැගිල්ලලේ හිමිකරු කටුගස්තොට පොලීසියට කරන ලද පැමිණිල්ලලේ සඳහන් කර ඇත.

මත්ස්‍ය වෙළෙඳ ස්ථානයක් සඳහා අදාළ ගොඩනැගිල්ල කුලියට දීම සම්බන්ධයෙන්  දෝෂාරෝපණය කරමින් මහනුවර නගරයේ මත්ස්‍ය වෙළෙඳාමේ නිරත පුද්ගලයෙකුට හිතවත් යැයි කියන පුද්ගලයින් කිහිප දෙනෙකු ගොඩනැගිල්ලලේ හිමිකරුට දුරකතන ඇමැතුම් ලබා දී තිබෙන බවත්, අදාළ දුරකතන අංක කටුගස්තොට පොලීසියට ලබාදුන් බවත් ව්‍යාපාරික සුපුන් ලක්මාල් මහතා පැවසිය.

පැමිණි පිරිස කළ පහරදීමෙන් ගොඩනැගිල්ලට සහ වාහන වලට රුපියල් ලක්ෂ 20 ක පමණ අලාභයක් සිදුව තිබෙන බවත්, ගොඩනැගිල්ල ආසන්නයේ සී.සී.ටී.වී දර්ශන වල අදාළ පහරදීම පැහැදිලිව සටහන්වි ඇත.

නව මත්ස්‍ය වෙළෙඳ සැළ තම ව්‍යාපාරයට තර්ජනයක් වේ යැයි සිතා මහනුවර අවට මත්ස්‍ය වෙළෙඳාමේ නිරත ප්‍රබල ව්‍යාපාරිකයෙකු මෙම පහරදීම පිටුපස සිටින බවට සැක කරන බව ද සුපුන් ලක්මාල් මහතා පැවසිය.

සිද්ධිය වූ ස්ථානයට පැමිණ පොලීසිය (11) දින පස්වරුවේ පැමිණ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කර පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. ආර් රාජපක්ෂ මහතා ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

– රංජිත් රාජපක්ෂ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here