ඔස්ට්‍රේලියාවේදී ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

0
8

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් අතර හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී එම හමුව සිදු වූ බවයි.

දැනට ක්‍රියාත්මක ද්වීපාර්ශවික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ එම හමුවේදී  අවධානය යොමු වී තිබෙනවා.

හත්වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා පිටත්ව ගියා.  

“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ඉන්දියා පදනමේ සහ  ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සමුළුවට සහභාගී වී සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here