ඔයා මාත් එක්ක සෙක්ස් කරන්න එනවද? එහෙම ඇහුවොත් වැඩේ හරියයිද, වැඩ වරදියිද? – Sri News

0
5

අපි හැමෝම ඉතින් සෙක්ස් කරන්න කැමති, සෙක්ස් වලට ආස කරන ගෑණු මිනිස්සුනේ. සෙක්ස් කරන්න ආස නැති කෙනෙක් හිටියොත් එක්කෝ අසෙක්ෂුවල් මනුස්සයෙක් වෙන්න ඕන, එහෙම නැතිනම් කෙලෙස් හැඟීම් ප්‍රහීණ කරපු කෙනෙක් වෙන්න ඕන. හැබැයි ඉතින් එහෙම සෙක්ස් වලට ආස වුණාට විතරක් බැහැ. ඇත්තටම වෙනත් කෙනෙක් එක්ක සෙක්ස් කරන්න හිතනවා නම් යම් යම් සීමා මායිම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක්ගේ අකමැත්තෙන් කවදාවත් සෙක්ස් කරන්න හොඳ නැහැ. ඒ වගේම සෙක්ස් කරන්න මුහුකුරා ගිහින් කියලා කියන වයසට, ඒ කියන්නේ අවුරුදු 16 ට අඩු කෙනෙක් එක්ක කිසිසේත්ම සෙක්ස් කරන්න යන්න හොඳ නැහැ. 

හරි, දැන් අපි කියමු ඔය ප්‍රශ්න ගැටළු මොකුත් නැතුව, අපි සෙක්ස් කරන්න ආස කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි ඒ කෙනා අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි නෙවෙයි. අපිට එහෙම සම්බන්ධතාවයකට යන්න වුවමනාවකුත් නැහැ. හැබැයි අපි ඒ කෙනත් එක්ක සමීප ඇසුරකට යන්න, ලෙංගතු වෙන්න, ඒකත් එක්ක සෙක්ස් කරන්න කැමතියි. දැන් ප්‍රශ්නේ මේකයි. අපි කෙලින්ම “සෙක්ස් කරමුද?” ඇහුවොත් ඉතින් ගොඩක් වෙලාවට කොසු මිටි පාරක් කන්න සිද්ධ වෙන ඉඩ වැඩියිනේ. ඉතින් කොහොමද ඇත්තටම තමන්ගේ අරමුණ කියලා වැඩේ ගොඩදාගන්නේ?

 

මෙතනදී අපි සිහියේ තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. සෙක්ස් කරනවා කියන්නේ නිකම්ම ශරීරයක් එක්ක මොනව හරි කරන එක නෙවෙයි. මේක ගැන ගැඹුරින් කරන දාර්ශනික විග්‍රහයන් තියෙනවා තමයි. හැබැයි අපි ආස කෙනෙක් එක්ක සෙක්ස් කරනකොට, ඒක නිකම්ම අත හරි ඇඟිල්ල හරි වෙනුවට ශරීරයක් ආදේශ වීමක් වෙන්න ඕන නෑ. ඒක අප්සට්. ඒ වෙනුවට ඒ කෙනා එක්ක ඊට වඩා ගැඹුරු ලෙවල් එකකින් සම්බන්ධ වුණොත් තමයි ඒ සෙක්ස් කිරීමේ සතුට වැඩි වෙන්නේ, හොඳ තෘප්තියක් ලැබෙන්නේ. ආන්න ඒ නිසා කරන්න ඕන පළවෙනි කාරණය තමයි එහෙම සම්බන්ධයක් නිර්මාණය කරන එක. මේ කියන්නේ රිලේෂන්ශිප් එකක් ඇති කරගන්න හෝ කසාද බඳින්න කියන එක නෙවෙයි. දෙන්නටම කතාබහ කරන්න පුළුවන් පොදු දේවල්, රසවිඳින්න පුළුවන් පොදු දේවල් හොයාගන්න කියන එක. ඊට පස්සේ ඒවා ඔස්සේ හොඳ යාලුකමක්, එකිනෙකා ගැන සැලකිලිමත් වීමක්, කෙයාර් කිරීමක් ගොඩනගාගන්න කියන එක. අන්න එතකොට දෙන්නට සෙක්ස් කරන තැනකට ගියත්, ඒක හොඳින් එන්ජෝයි කරන්න පුළුවන්. 

 

සාමාන්‍යයෙන් අර උඩ කියපු විදියේ හොඳ සම්බන්ධතාවයක්, මිත්‍ර කමක් ගොඩනගා ගත්තට පස්සේ දෙන්නට පුළුල් පරාසයක මාතෘකා ඔස්සේ කතාබහ කරන්න පුළුවන්. ඒ කියන්නේ සෙක්ස් ගැන වුණත් කතා කරන්න පුළුවන්. හැබැයි මෙතනදී පරිස්සම් වෙන්න ඕන. මෙතනදී තමන්ට එයත් එක්ක සෙක්ස් කරන්න ඕන කියන ලිංගික සංඥා දීලා හරියන්නෙ නෑ. ඊට වඩා අවශ්‍ය වෙන්නේ ඒ කෙනාගේ අදහස දැනගන්න එක. ඒ කියන්නේ එයා සෙක්ස් සම්බන්ධයෙන් විවෘත අදහස් තියෙන කෙනෙක්ද, වඩා සාම්ප්‍රදායික අදහස් තියෙන කෙනෙක්ද කියලා දැනගන්න එක.

උදාහරණයක් විදියට කිවුවොත්, එයා සෙක්ස් සම්බන්ධයෙන් හිතන්නේ විවාහ වෙනකල් කිසිසේත්ම නොකළ යුතු දෙයක් කියලා නම්, එතනින් එහාට එයත් එක්ක සෙක්ස් කරන්න හීන මවලා වැඩක් නැහැ. එතනින් එහාට කරන්න තියෙන්නේ යාළුමිත්‍ර කම එන්ජෝයි කරගෙන ඉන්න එක. 

 

දැන් අපි කියමු උඩ කියපු විදියට අපි ඒ කෙනා සෙක්ස් සම්බන්ධයෙන් ෆෝර්වර්ඩ් නැති කෙනෙක් කියලා දැනගත්තා කියලා. එතකොට එයා ආසයි බයයි බෝට්ටුවෙ කෙනෙක් නං, අපිට පුළුවන් දේවල් කියලා දෙන්න. හැබැයි එහෙම නැතුව එයා ඒ ගැන අකමැත්තක් තියෙන කෙනෙක් නම්, ඒ කියන්නේ කසාද නොබැඳ සෙක්ස් කරන්න කැමති නැති හරි රිලේෂන්ශිප් එකක් නැතුව සෙක්ස් කරන්න කැමති නැති හරි කෙනෙක් නම්, අපිට සිද්ධ වෙනවා වෙන අතක් බලාගන්න. හැබැයි වෙන අතක් බලගන්නෙ නැතුව එයාව එක එක කතන්දර වලින් රවට්ටලා තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න තැනට නම් යන්න එපා. එහෙම මැනිපියුලේට් කරලා සෙක්ස් කරන්න පොළඹවා ගන්න එකෙන් වෙන්නේ නොහිතන හානියක්!

 

ඒ වගේම මේකත් එහෙම කසාද නොබැඳ සෙක්ස් කරන්න කැමති නැති හරි රිලේෂන්ශිප් එකක් නැතුව සෙක්ස් කරන්න කැමති නැති හරි කෙනෙක් සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් භාවිතා කරන අතිශයින්ම වැරදි ක්‍රමයක්. ඒ තමයි බොරු පොරොන්දු. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ඕන නිසා “මං ඔයාව බඳිනවා පැට්ටෝ, ඉතින් බැන්ඳම ඕවා අපි කවදහරි කරන්න එපැයි, ඒ නිසා දැන්මම කරමුද?” වගේ ලයින් දීලා සෙක්ස් කරන්න පොළඹවා ගන්න එක අන්තිම ජරා වැඩක්. බොරුවට රිලේෂන්ශිප් එකකට ගිහින් පස්සේ අවශ්‍යතාවය ඉටු කරගෙන අතෑරලා දාන එකත් ඒ වගේම තමයි. අන්න ඒ නිසා පරිස්සම් වෙන්න, තමන්ට ඕන දේ කෙලින්ම කියන්න.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here