ඔයාගේ කොල්ලා පස්සෙන් සූ ගාලා කෙල්ලෝ එනවද? එහෙමනම් මොකද ඒකට කරන්නේ? – Sri News

0
4

සාමාන්‍යයෙන් කෙල්ලන්ව තමයි කොල්ලන්ට පරිස්සං කරන්න වෙන්නේ අනිත් කොල්ලන්ගෙන්. හා නැද්ද? හැබැයි ඉතින් කෙල්ලන්ටත් සිද්ධ වෙනවා සමහර වෙලාවට තමන්ගේ කොල්ලව අනික් කෙල්ලන්ගෙන් පරිස්සම් කරන්න. ඒ කියන්නේ අපි කියමු සෑහෙන්න පෙනුම තියෙන ඩයල් එකක් කියලා, එහෙම නැතිනම් සෑහෙන්න ජනප්‍රිය ඩයල් එකක් කියලා, එහෙමත් නැතිනම් අතිදක්ෂ මීටරයක් කියලා. ආන්න ඒ වගේ මනුස්සයන්ට ලෝකේ තියෙන ඉල්ලුම වැඩියිනේ. ඒකට ඉතින් කරන්න දේකුත් නෑ. හැබැයි එහෙමයි කියලා “ඕන එකෙක්ට ඇවිත් මගේ මිනිහා එක්ක ඕන මගුලක් නටාගන්න” කියලා ඇස් කන් පියාගෙන ඉන්නත් බෑනේ. නැද්ද? ආන්න ඒ නිසා ඒකට මොනවහරි කරන්න වෙනවා. එහෙම නෙවෙයිද?

 

ඇත්තටම අපි මේ කිව්වේ ලෝකේ සාමාන්‍යයෙන් වෙන විදිය. ඒ කියන්නේ අපි උඩ කියපු විදියේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ගේ බොහෝ විට ඔලුව වැඩ කරන විදිය. හැබැයි ඒක හරිද? ඒකට වෙනත් විසඳුම් නැද්ද? ඕක ඕනෑවට වඩා හිතීමක් නෙවෙයිද? ආන්න ඒවා ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඒ නිසා මේ ආටිකල් එක අතිශයින්ම කාන්තාවන්ට පමණයි!

 

 

සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ කෙල්ල ඉන්නකොට වටෙන් පිටෙන් තව තව එව්වා රන් කරන්න හදන. එහෙම කොල්ලෙක් සමහර වෙලාවට තමන්ට කෙල්ලෙක් ඉන්නවා කියලා කියන්නෙත් නැතුව මුට්ටිය දාලා බලනවා වෙන්න පුළුවන්. ආන්න එහෙම වෙලාවට ඉතින් “හනී අර ගෑණි මගේ කොල්ලව අල්ලගන්න හදනවා අනී” කියලා වැළලෙන්න ගිහිල්ලා හරියන්නෙ නෑ. එතනදී කරන්න ඕන කොල්ලව හදාගන්න එක හරි ඌට ඕන මගුලක් කරගන්න කියලා වෙන අතක් බලාගන්න එක හරි තමයි. ආන්න ඒ සීන් එක මේ ආටිකල් එකට ඇතුළත් වෙන්නෙ නෑ!

 

මේක තමයි මූලිකම දේ. තමන්ගේ සහ එයාගේ සම්බන්ධතාවය තියෙන්නේ කොතනද, ඒ ගැන දෙන්න්ම අවබෝධයෙන්ද ඉන්නේ කියන එක පැහැදිලි කරගන්න ඕන. උදාහරණයක් ගමු. දැන් කොල්ලා සහ තමන් අතර තියෙන්නේ විවෘත ලිංගික සම්බන්ධයක් විතරක් නම්, තමන් අනවශ්‍ය විදියට කොල්ලට අයිතිවාසිකම් කියන්න ගිහින් හරියන්නෙ නෑ. ඒ වගේම තමයි, මෙතනදී තමන්ට කොල්ලා කියන දේ සහ ඇත්තටම සිද්ධ වෙන දේ අතර වෙනසත් තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට, කොල්ලා කියනවා මට ඕන ඔයා විතරයි කියලා. හැබැයි කොල්ලා කෙල්ලව කිසිම කෙනෙකුට අඳුන්වලා දෙන්න උත්සාහ නොකර, සම්බන්ධතාවය රහසක් විදියට තියාගෙන ඉන්නවා. කිසිම පිළිගත හැකි හේතුවක් නැතුව මේක දිගින් දිගටම වෙනවා නම් ප්‍රශ්නයක්. අන්න එතකොට තමන්ට තීරණයක් ගන්න වෙනවා, තමන් මේ සම්බන්ධය ඇතුළේ දිගටම ඉන්නවද නැතිද කියලා.

 

එහෙම කරන්න බෑ, අනේ මම එයාට හරීම ආදරෙයි කියලා හිතනවා නම්, 2 වෙනි කරුණ කියවලා බලන්න පුළුවන්! 

 

ඔව්, තමන්ට තමන් ගැන හොඳ ආරක්ෂිත හැඟීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ, තමන් මනුස්සයෙක් විදියට කොයි වගේද, තමන්ට පුළුවන් දේවල් මොනවද, බැරි දේවල් මොනවද, තමන් සුවිශේෂී වෙන්නේ කොහොමද කියන එක ගැන හොඳ හැඟීමක් තියෙන්න ඕන. ආන්න එතකොට එනවා හොඳ ආත්ම විශ්වාසයක්. ආන්න ඒ ආත්ම විශ්වාසය එක්ක එනවා තමන් ගැන හොඳ සුරක්ෂිත හැඟීමක්. අන්න එතකොට, තමන්ගේ කොල්ලව කවුරුහරි සක්කරවට්ටමක් ඇවිත් තමන්ගෙන් උදුරගනීවි කියලා බය හිතෙන්නෙ නෑ. ඒ වගේම තමන්ට කොල්ලා ඇත්තටම තමන්ට ආදරේ නම්, තමන්ව දාලා යන්නෙ නෑ කියන ෂුවර් එකත් හිතට එනවා එතකොට.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here