ඔබ දැනටමත් කොවිඩ් ආසාදිත අයෙකු නම් ස්නානය කිරීමේදී මෙම ලිපියේ සඳහන් ක්‍රම…

0
4


ඔබ දැනටමත් කොවිඩ් ආසාදිත අයෙකු නම් ස්නානය කිරීමේදී මෙම ලිපියේ සඳහන් ක්‍රම අනුගමනය කරන්න…

කොරෝනා රෝගීන් මුල් අවස්ථාවේදී තද උණ සහිත නම් ඇඟ සේදීම හා ස්නානය සුදුසු නොවේ. තද උණ සහිත විට උණු වතුරින් පෙඟවූ රෙදි කඩකින් වරින් වර ඇඟ පිස දැමීම පමනක් කල යුතුය. පසුව උණ තත්වය පහව යන විට උණු වතුරින් ඇඟ සේදීම කළ හැකිය. මේ සඳහා අව්වේ කැකෑරූ උණු දිය වඩා සුදුසු වේ. එය අපහසු අවස්ථා වල නටවා නිවාගත් වතුර භාවිතා කරන්න. හැකිනම් කොහොඹ කොළ බෙලිකොළ ,නිකකොළ, පාවට්ටා කොළ ආදියෙන් තම්බා නැටවා නිවාගත් ජලය භාවිතා කරන්න.උනු වතුරට ඇල් වතුර කලවම් කිරිම නුසුදුසුය. ඇඟපත සේදීම දහවල් කාලයේදී සිදුකරන්න. බෙහෝ වේලාවක් වතුරේ සිටීමද නුසුදුසුය.

උණු වතුරින් ඇඟ සෝදා එක්වරම විදුලි පංකා, වායුසමීකරණ භාවිතය සුදුසු නොවේ. තද සුළං වලට නිරාවරණය වීමත් සුදුසු නොවේ.
දින 14 කට පසු ශරීරයේ සෙම් රෝග ලක්ෂණ පහව ගොස් සැහැල්ලු බවක් දැනෙනවා නම් උණු වතුරින් කලින් කී ආකාරයට හිස නෑම කළ හැකිය.

උදැසන 12 ට පෙර ස්නානය කරන්න. හොඳින් හිස කෙස් පිසදාගන්න. තෙත සහිත කොණ්ඩය සමඟ සිටීම සුදුසු නොවේ. ස්නානයෙන් පසු ඉඟුරු කොත්තමල්ලි වැනි පානයක් පානය කරන්න.

හිතායු! සුඛායු! දීඝායු!

✍️ සටහන :- ආයුර්වේද වෛද්‍ය ගිම්හානි පෙරේරා මහත්මිය
📃 මූලාශ්‍ර :- ආයුර්වේද දෙපාර්තමේන්තුව

🌍 Web
www.helaarana.lk
⭐ හෙළ අරණ Telegram Group
https://t.me/hela_arana
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #covid19sl



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here