ඔබේ සහකාරියගේ සුරතාන්තය ප්‍රමාදද? එහෙමනම් මේ උපදෙස් කියවන්න – Sri News

0
7

ඔය සුරතාන්තය කියන එක හැමෝටම වගේ වැදගත් වෙන, හැබැයි හැම දෙනාටම හරි අවබෝධයක් නැති කාරණයක්නේ. ලිංගික එක්වීමකදී සුරතාන්තය කියන්නේ අනිවාර්ය කාරණයක් නෙවෙයි. හැබැයි සුරතාන්තය කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක්. වෙනත් විදියකට කියනවා නම්, දිගින් දිගටම ලිංගික එක්වීම් වලදී සුරතාන්තය දෙන්නටම හෝ එක්කෙනෙක්ට හෝ නොලැබෙනවා නම් ඒක ප්‍රශ්නයක්. 

 

සමහරුන්ට, විශේෂයෙන්ම පුරුෂ පක්ෂයට තියෙන ගැටළුවක් තමයි සුරතාන්තය ඉක්මනින් සිදුවීම. අර ක්ෂණික මෝචනය කියන්නෙත් ඒකට තමයි. ඒක මගහරවා ගන්න ක්‍රම ගැන අපි කලින් ලියලා තියෙනවා. එතනදී ප්‍රශ්නය වෙන්නේ, පුරුෂයෙක්ට සාමාන්‍යයෙන් සුරතාන්තය පැමිණියාට පසුව ආයෙමත් ලිංගිකව එක් වෙන්න නම් යම් කිසි වෙලාවක් අවශ්‍ය වීම. හැබැයි කාන්තාවකට සාමාන්‍යයෙන් එහෙම ගැටළුවක් නැති නිසා තමන්ට ඉක්මනින් සුරතාන්තයක් ලැබුණත්, ආයෙමත් ආයෙමත් සුරතාන්තයන් ලබාගන්න පුළුවන් නිසාත්, පිරිමියාට සුරතාන්තයක් ලබාදෙන්න අවශ්‍ය තරම් වෙලාව තියෙනවා.

 

හැබැයි අපි කියමුකෝ දැන් පුරුෂයාට බැහැ හෝ අසීරුයි කියලා ගැහැණියට සුරතාන්තයක් ලබාදෙන්න. ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. කොහොමහරි එහෙම වෙලාවකදී කරන්න පුළුවන් දේවලුත් තියෙන්න එපායෑ. ආන්න ඒ දේවල් ගැන තමයි මේ කියන්න හදන්නේ.

 

මේක හරිනම් අමුතුවෙන් කියන්න ඕන කාරණයක් නෙවෙයි. හැබැයි අභාග්‍යයකට වගේ තාමත් සෑහෙන්න පිරිමි ඉන්නවා, ෆෝර්ප්ලේ නැතිනම් පූර්ව සංසර්ගික ක්‍රියාකාරකම් වලට අවධානයක් යොමු නොකරන. සමහරු මේ ගැන දන්නවා වුනත්, ඇඳට ගියාට පස්සේ අමතක කරලා දානවා. අන්න ඒ නිසා තමන්ගේ ගැහැණියට හොඳ සුරතාන්තයක් ලබාදෙන්න නම් ඇයව ක්‍රමක්‍රමයෙන් උණුසුම් කළ යුතුයි කියන එක තේරුම් ගන්න ඕන. ඒකට ක්‍රමානුකූලව ඇයට හොඳ ලිංගික උත්තේජනයක් ලබාදෙන්න ඕන. ඒ කියන්නේ කණට කොඳුරන ආදරබර වදන් වල ඉඳලා සිපගැනීම්, උරාබීම් වගේ හැම දෙයක්ම. හැබැයි මේක අර කරන්නන් වාලේ විනාඩියක් ලිප්ස් කිස් කරලා, කෙලින්ම පියයුරු වලට ගිහින් එතන විනාඩි කීපයක් නතර වෙලා කෙලින්ම තමන්ගේ වැඩේට ගිහිල්ලා කරගන්න බෑ. ක්‍රමානුකූලව ඇයව උත්තේජනය කරන්න ඕන!

 

මේ සරලව ක්ලිට් කියලා කියන්නේ ක්ලිටෝරිසය කියන, ශරීරාවයවය නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. කාන්තාවන්ගේ ශරීරයේ පිහිටලා තියෙන මේ ක්ලිටෝරිසය කියන්නේ, කාන්තාවන්ගේ ශරීරයේ පුරුෂ ලිංගයට අනුරූපී කොටස කියලත් කියනවා. කොහොම වුනත් කතන්දරේ මේකයි. ක්ලිටෝරිසය කියන්නේ අතිශයින්ම සංවේදී අවයවයක්. එතකොට කාන්තාවන්ට යෝනියට ශිෂ්ණයක් ඇතුළු කිරීමෙන් තොරව වුනත්, ක්ලිටෝරිසය පිරිමැදලා සුරතාන්තයක් ලබාගන්න පුළුවන්. එතකොට සමහර කාන්තාවෝ ඉන්නවා, ඒ අයට සුරතාන්තයක් ලබාගන්න නම් ක්ලිටෝරිසය උත්තේජනය කිරීම අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ කාන්තාවක් නම් ඔබේ සහකාරිය, යෝනි සංසර්ගයට විතරක් අවධානය යොමු නොකොට, ක්ලිටෝරිසය උත්තේජනයටත් අවධානය යොමු කිරීම වැදගත්. ඒ නැතත් යෝනි සංසර්ගය අතරතුරදී ක්ලිටෝරිසයත් උත්තේජනය කරන්න පුළුවන් ලිංගික ඉරියව් තෝරාගැනීම ඔස්සේත් ඇයගේ සුරතාන්තය ඉක්මන් කරවන්න පුළුවන් වෙයි.

 

සාමාන්‍යයෙන් සෙක්ස් කියන්නේම හදිසියේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හදිසියේ කරන සෙක්ස් තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. හැබැයි සාමාන්‍යයෙන් දෙන්නත් එක්ක සෙක්ස් කරනවා නම්, ඒකට ප්‍රමාණවත් තරම් කාලය ගන්න එක සහ ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක වැදගත්. පළමුවෙනි කාරණාවෙන් කිව්වා වගේ ෆෝර්ප්ලේ වලට සාමාන්‍යයෙන් හොඳ කාලයක් ගන්නවා කියන්නේ, බොහෝ විට වඩාත් පහසුවෙන් කාන්තාව සුරතාන්තයට පත් කරන්න පුළුවන් වෙනවා කියන එක තමයි. ඒ වගේම මුඛ සංසර්ගයට, ඒ කියන්නේ කාන්තාවට මුඛයෙන් ලබාදෙන උත්තේජනය කිරීමට වැඩි වෙලාවක් ගැනීමත්, කාන්තාවගේ සුරතාන්තයට හොඳ ආයෝජනයක් වෙන්න පුළුවන්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here