එලායන්ස් ෆිනෑන්ස් සමාගම විදේශ මුදල් ප්‍රේෂණ සේවාව අරඹයි – Sri News | Sri Lanka Business News

0
6

එලායන්ස් ෆිනෑන්ස් සමාගම තම මූල්‍ය සේවා කලඹ තව දුරටත් වර්ධනය කරගනිමින් AFC රෙමිටන්ස් නමින්, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවට අද දින එලඹෙන ලදී. එහිදී, දිවයින පුරා පිහිටි සියලූම AFC ශාඛාවන්ගෙන් Western Union, Money Gram සහ Ria යන සන්නාමයන් ඔස්සේ පාරිභෝගිකයින් හට විදේශ මුදල් ප්‍රේෂණ සේවාව ලබාගත හැක.

2024 පෙබරවාරි මස 07 වන බදාදා දින රාජගිරියේ පිහිටි එලායන්ස් ෆිනෑන්ස් ශ‍්‍රවණාගාරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විය. මෙම උත්සවය සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය සභාපති, රොමානි ද සිල්වා මහතා, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක කුසල් ජයවර්ධන මහතා, ප‍්‍රධාන වාණිජ නිලධාරී, අජන්ත කුමාර මහතා ඇතුලූ කළමණාකාරිත්වය සහභාගී විය. එමෙන්ම Western Union, Money Gram සහ Ria යන සන්නාමයන් සඳහා ශ‍්‍රී ලංකාවේ නියෝජිතායතනය වන MMBL Money Transfer (Pvt) Ltd ආයතනය නියෝජනය කරම්න් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය එක් වූහ. එලායන්ස් ෆිනෑන්ස් ආයතනය සහ MMBL සමාගම ගිවිසුම් ගත වීමද මෙහිදී සිදුවූ අතර එයට සමගාමීව ගණුදෙනුකරුවන් දෙදෙනෙක් AFC රෙමිටන්ස් වෙතින් ප‍්‍රථම ප්‍රේෂණ සේවාව ලබාගත්හ.

උත්සවය ඇමතූ රොමානි ද සිල්වා මහතා පැවසූයේ AFC රෙමිටන්ස් යනු හුදෙක් ගණුදෙනුවක් පමණක් නොව, එය ගණුදෙනුවකට අභිබවා ගිය සෙනෙහසින් පිරි සේවාවක් බවයි. තවද එලායන්ස් ෆිනෑන්ස් ආයතනය හුදෙක් ලාභය පමණක් නොව තිරසාර පාරිසරික දැක්මක් සමඟින් ගණුදෙනු කරුවන්ට ඉහල ප‍්‍රතිලාභ ලබා දෙන ආයතනයක් බවයි.’

එලායන්ස් ෆිනෑන්ස් හරහා ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අගය එකතු කිරීමක් ලෙස, අධ්‍යාපනය, නිවාස වැඩිදියුණු කිරීම සහ ස්වයං රැකියා සඳහා විශේෂ ණය යෝජනා ක‍්‍රම හඳුන්වාදීමට සැලසුම් කර ඇත.

Alliance Finance Company සහ MMBL Money Transfer (Pvt) Ltd හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය උත්සවයේදී (වමේ සිට දකුණට) AFC ජ්‍යෙෂ්ඨ කළමනාකරු අලෙවි ප‍්‍රචාරණ – දුෂාන් ද සිල්වා මහතා, AFC අලෙවි කළමණාකාරිනී – අචිනි අමරසේකර මහත්මිය, MMBL සහකාර කළමනාකරු – දිනේෂ් කෝකිලවානන් මහතා, MMBL අලෙවි කළමණාකරු – රාම් තිලගර් මහතා, MMBL සාමාන්‍යාධිකාරී – අසිත අබේගුණසේකර මහතා, MMBL කළමණාකාර අධ්‍යක්ෂ චමින්ද හින්දුරංගල මහතා, AFC නියෝජ්‍ය සභාපති / කළමණාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා, AFC නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ – කුසල් ජයවර්ධන මහතා, AFC අධ්‍යක්ෂ අයකිරීම් – මයිකල් බෙනඩික්ට් මහතා, AFC ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී – අරුණ රුද්‍රිගෝ මහතා, AFC ප‍්‍රධාන වාණිජ නිලධාරී – අජන්ත කුමාර මහතා.

 

ඡායාරූප විස්තරය – එලායන්ස් ෆිනෑන්ස් සමාගම සහ MMBL Money Transfer (Pvt) Ltd, උත්සවයේදී නිල ගිවිසුම් හුවමාරු කරගනිමින්. (වමේ සිට දකුණට) MMBL සාමාන්‍යාධිකාරී – අසිත අබේගුණසේකර මහතා, MMBL කළමණාකාර අධ්‍යක්ෂ – චමින්ද හිඳුරංගල මහතා, AFC නියෝජ්‍ය සභාපති/කළමණාකාර අධ්‍යක්ෂ – රොමානි ද සිල්වා මහතා, AFC නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ – කුසල් ජයවර්ධන මහතා.

The post එලායන්ස් ෆිනෑන්ස් සමාගම විදේශ මුදල් ප්‍රේෂණ සේවාව අරඹයි appeared first on Sri News | Sri Lanka Business News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here