උමා ඔයෙන් ඇරඹිය හැකි අලුත් දේශපාලන ගමනක් ගැන පොහොට්ටු නායකයා කතා කරයි

0
6

විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

2005 වසරේ ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ගිනිකොණ දිග වියළි කලාපයේ ස්ථිර ජල මූලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් උමා ඔය ජලය එම ප්‍රදේශය හරහා යැවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි අනුර කුමාර දිසානායක සිය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත්තේ.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂද විශේෂ දායකත්වයක් ලබා දී තිබෙනවා.

එම ව්‍යාපෘතියත් සමග නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බවයි හිටපු ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මහතා සිය මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here