උපන්ගෙයි රොම්බ රැඩිකල් සිරා ප්‍රබුද්ධ ඩෑල් එකක් වීමේ මග – Sri News

0
3

අවුරුදු බර ගාණක් තිස්සේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා ලබාගෙන තිබ්බ විරුදාවලිය වෙනස් කරලා ඒක අමුතු ඇටේ කරන්න, නැත්නම් නිකන් ම ඇටයක් කරන්න උදේ දවල් නොතකා වැඩ කරන කොට්ඨාසයක් ඉන්නවා. මිනිස්සුන්ගේ උපත කොයියම්ම විදියකින් හරි වුණා කියලා අපි විශ්වාස කරන හැම තියරියකටම වඩා වෙනස් විදියකට මෙලොව එළිය දැකපු නිසා සමහරවිට මෙයාලාගේ ඇඟ පුරාම මොළේ තියෙන්නත් පුළුවන්. ඒ වගේ කෙනෙක්ට අද කාලේ හරිම ඉල්ලුමයි. විශේෂයෙන් ඇටෙන් පොත්තෙන් එළියට ආපු කීඩෑවොන්ගෙන් ලොකු හුරේ පාරක් තියෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් වෙන්න ආස ද? එහෙනම් ලයිෆි අපේ ප්‍රබුද්ධ ඩෑල් එකක් වීමේ මං අනුගමනය කරන්න

 

How To Be Radical

ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට කිසිම විදියකින් තේරුම්ගන්න අමාරු වචන. දොස්තර මහත්තයා බෙහෙත් තුණ්ඩු කෑල්ලේ ලියලා දෙන එක මළාට කියවගන්න බෑනේ. ආන්න ඒ වගේ තමයි මේක. ඇත්තවශයෙන් ම මොකක් හරි වැදගත්, තේරුමක් තියන දෙයක් ගැන තමයි කොහොමින් හරි කියවෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ කාටවත් නොතේරෙන එක. සාමාන්‍ය මනුස්සයෙක් ජීවිතේ එදිනෙදා දකින දේවලට මේ තරම් බර වචන පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. මූණේ කුරුලෑ හැදුණ විදියයි භෞමික අඛණ්ඩතාවයි අතර කොහොම හරි සම්බන්ධතාවක් වගේ හදාගෙන අවකලබනීය, විස්කෘෂ්ට, උන්නතාංශික සමජ්‍යානගෘහිත බව වගේ වචනවලින් ඒක විස්තර කරන්න බලන්න. මේක පුංචි උදාහරණයක් විතරයි.

 

How To Be Radical0

හැමදෙයක්ම කියන්නේ හැමදෙයක්ම. කලාව, දේශපාලනය විතරක් නෙවෙයි, ගෑණුයි මිනිස්සුයි එකතු වෙලා සකලන්සමාලේ කරන එකත් හැකිනම් විවේචනය කරන්න. අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් අපතේ නොයවා වැඩ ගත්තා වගේ ලෝකේ හොඳයි කියලා කියන ඕනම බිජ්ජකින් මොකක් හරි කොනක් අල්ලගෙන ඒකේ වැරදි හොයන් පට්ට ගහන්න. අම්බානට ඒ ගැන වොයිස් කට්ස් එක්ක ෆේස්බුක් රචනා ලියන්න. හැබැයි කාටවත් තේරෙන විදියට ලියනවා එහෙම නෙවෙයි ඔන්න.

 

How To Be Radical

මිනිස්සුන්ට හික්මීමක් විනයක් ඇතිවෙන්න ආගමක් ඕනෑ ය. ජාතියක් ගැන හැඟීමක් නැති තැන මිනිස්සු දූවිලි වගේය වගේ කතා පස්සේ යන්නේ නැතුව අනික් මිනිස්සුන්ගේ කැමැත්තවල්වලට ගරු නොකර ආගම ජාතිය වගේ ඒවා වැල් බයිලා බව ඔබේ දරුවාට කියාදෙන්න. බුදුහාමුදුරුවො අද වැඩ හිටියා නම්, දෙවියන් කියා කෙනෙක් ඉන්නවා නම් මෙහෙම මෙහෙම කියයි කියලා හිතලා මාගල් වගේ කවි ලියන්න ආගම්කාරයොන්ගේ හතර හන්දි කැඩෙන්න. පුළුවන් තරම් ඒ නිර්මාණවලින් ආගම ජාතිය බලු කරන්න බලන්න. රැඩිකල්කම රැඳිලා තියෙන්නේ පුළුවන් තරම් රටට එදිරි වෙන තරමට බව හිතාගන්න.

 

How To Be Radical

ආගම අබිං තමයි. හැබැයි අබිං හොඳයි. දුම දාලා සැපේ ඉන්නකොට තමයි මොළගෙඩිය අස්සෙන් විශ්වය වෙනස් කරන්න පුළුවන් සිතුවිලි මතුවෙන්නේ. ගල් අරක්කුවලින් නොනැවතී එකදාස් නවසිය බර ගණන්වල රුසියාවේදී බැස්කර්විල් හිරගෙදර කඩලා ඒ සතුටට ගසපු බෝතලයකින් පැවතීගෙන එන ඒවත් යහමින් භාවිත කරන්න. නිකන් පාවිච්චි කරන එකෙන් නොනැවතී රැකියා අයදුම්පතකට දාන්න පුළුවන් සුදුසුකමක් ය කියලා හිතෙන තරමේ දැඩි ධෛර්‍යයකින් යුතුව ලෝකෙටම හඬගාලා කියන්න ඔබේ මිත්‍රයන් කවුද කියලා.

 

How To Be Radical

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here