උදර්පන නීතිය යටතේ අපරාධකරුවෙකු මෙරටට ගෙන්වීමට පියවර!

0
28


උදර්පන නීතිය යටතේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඔහුගේ පළමු මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ය.

පසුගියදා , ලොකු පැටී නොහොත් සුජීව රුවන් කුමාර නැමැත්තා බෙලරූස් බලධාරීන් විසින් නිදහස් කර ඇති බවත් ඔහු එය සමරමින් නොයෙකුත් සාද පවත්වා ඇති බවත් සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරු වාර්තා වූ නමුත් ,ලොකු පැටී තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here