උතුරු ඉන්දියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තා වෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
8

උතුරු ඉන්දියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තා වනවා.

එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 කට ආසන්න බවයි වාර්තා වන්නේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතය අඩාල වී තිබෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ තවදින කිහිපයක් මෙම අධික උෂ්ණත්වය පැවතිය හැකි බවයි.

මෙම තත්ත්වය හමුවේ විදුලි පාරිභෝජනය  ඉහළයාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජල හා විදුලි හිඟයකට මුහුණදී තිබෙන බව ඉන්දීය වාර්තා සදහන් කර කරනවා.

ඊයේ දිනයේදී දිල්ලියේ ඉතිහාසයේ උපරිම විදුලි ඉල්ලුම වාර්තා කර ඇති අතර එය මෙගාවොට් 8000ට ආසන්න වෙනවා.

 

 

 

The post උතුරු ඉන්දියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තා වෙයි appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here