උත්තරීතර මානව දයාවෙන් යුත් තථාගතයන් වහන්සේ – Sri News

0
4


ඉතා විශිෂ්ට වූ චින්තන ශක්තියකින් යුතු බුදුන් වහන්සේ අන් අය ජරාවට රෝගී තත්ත්වයට මරණයට පත්වනු දැක තමන්ටත් මේ තත්ත්වය ඉක්මවා ලිය නොහැකි බව අවබෝධ කොට ගත්තා.

 

ශාක්යමුනි ගෞතම බුදුන් වහන්සේ දඹදිව උතුරු ප්රදේශ පෙදෙසෙහි හිමාලය පර්වතය අසල කෝසල රාජ්යයට අයත් ජනපදයක උපත ලැබු අතර පියා සුද්ධෝදන රජු හා මායා දේවිය මව වුණා.ජාතියෙන් ශාක්ය හා ගෝත්රයෙන් ගෝතම නම් වු අතර ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සොළොස්වන වියේදී යසෝදරා දේවිය සමඟ ආවාහ වුණා.

 

කාමයන්ගේ ආදීනවයන් ඒවායේ තාවකාලික තත්ත්වයන් පිළිබඳව මනා ලෙස අවබෝධ කරගත් අතර ගිහි ජීවිතය බාධක සහිත වූවක් බවත් පැවිදි ජීවිතය අභ්යවකාශය සේ නිදහස් බවත් මනා ලෙස අවබෝධ කරගත්තා.

කුඩා කාලයේ පටන් මගත කළ කුමාර ජීවිතයෙන් කාමසුඛල්ලිකානුයෝගය පිලිබඳවත් දුෂ්කර ක්රියාවෙන් අත්තකිලමථානුයෝගය පිළිබඳවත් ඉතා වටිනා ලෙස වටහා ගත් අතර මධ්යම ප්රතිපදාව අනුගමනය කිරීමෙන් සත්ය ගවේෂණයෙහි යෙදුන ගෞතමයන් වහන්සේ සිත විදර්ශනා මාර්ගය කෙරෙහි යොමු කළේ උතුම් වූ බුද්ධත්වය අවබෝධ කොටගනිමින්. ආර්ය ප්රතිපදාව අවසාන ප්රතිඵලය දක්වාම ගමන් කළ බුදුන් වහන්සේ උතුම් වූ මානුෂීය ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ මිනිසත් බවේ උත්තරීතර නාමය දිනාගත්තා.

උත්තරීතර මනුෂ්යත්වයෙන් හෙබි වූවා සේ ම උත්තරීතර මානව දයාවකින් ද උන්වහන්සේ යුක්ත වුණා. මිනිස් චර්යාවන් මිනිස් ප්රාර්ථනාවන් මිනිස් චින්තාවන් පිළිබඳ උන්වහන්සේ මනා අවධිය කින් යුක්තව ගත කළා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

තෘණ වර්ග හා වෘක්ෂ වෘක්ශලතා පැහැදිලිවම දැකගත හැකි විශේෂ වෙනස්කම් පවතිනවා සේම කෘමීන් හා පළඟැටියන් ආදී සතුන් අතරද මෙබඳු වෙනස්කම් දකින්නට තියෙනවා .මත්ස්ය හා පක්ෂීන් අතර ද එබඳු වෙනස්කම් තියෙනවා. සිව් පා උන් අතර එබඳු වෙනස්කම් අපට දක්නට ලැබෙනවා. නමුත් හිස් කන් නාසා මුව උදර අත් පා යෝනි කුමන අවයව දෙස බැලුවත් මිනිසුන් අතර මෙබඳු ජාති වශයෙන් පැහැදිලිවම තේරුම් ගන්නට හැකි මෙබඳු වෙනස්කම් නැති බව පහදා දීමෙන් සමස්ත මානව වර්ගයාගේම සාමූහික සහජීවනය සමානාත්මතාවය වගේම ඔවුනොවුන් අතර එකමුතු භාවය අගය කලා.

 

පුංචිම පුංචි කිරි පැටියකුට පවා ස්වකීය කැදැල්ලෙහි තමන්ට මනාප දෙයක් කතා කිරීමට නිදහස ඇති බව දැක්වෙන අම්බට්ට සූත්ර පාඨයෙන් බුදුරජාණන් වහන්සේ මානව නිදහස කෙතරම් අගය කළේ ද යන්න අපට වටහාගන්නට පුලුවන්

දීර්ඝ කාලයක් තම හිත සුව පිණිස කටයුතු කළ ශිෂ්ය පිරිසට තමන් ගේ අභාවයෙන් දැන් අපට කවුරුත් නැහැයි කියන හැඟීම හුදෙකලා බව දැනීම ස්වභාවයක් එයින් කිසිදු පශ්චාත්තාපයක් හෝ හුදෙකලා බවක් ඇති නොවීමපිණිස බුදුන් වහන්සේ තමන් දෙසූ ධර්මයත් පනවන ලද විනයත් තමන් අභාවයෙන් පසු ශාස්තෘත්වය ට පත්වන බව අවධාරණය කළා.

පන්සාළිස් වසරක් මුළුල්ලේ තමන් දේශනා කරන ලද ධර්මය විනය පිළිබඳව සැකයක් පවතින්නේ නම් විමසා බලන ලෙස පිරිනිවන ආසන්නයේ වුවත් දැන්වූයේ පිරිනිවන් පාන මොහොතේ පවා අනුන්ගේ මානසික සැනසීම පිළිබඳව වඩාත්ම අගය කළ මනුසත්කම තිබුණ නිසා ම යි.

 

පිරිනිවන් මංචකයේ සිටියදී ත් තමන් හමුවීමට පැමිණ සුභද්ද ආනන්ද හිමියන් වලක් වන තමන් වෙතට පමුණුවා ලොව්තුරුසුව එන් සැනසීමට මාර්ගය හෙළි කර දුන්නේ ජීවිතයේ අවසන් සුසුම වැටෙද්දී උතුරා ගිය මානව දයාවේ අපරිමිත ස්වභාවය මූර්තිමත් කරවමින්. එසේම සුනීත සෝපාක වැන්නවුන් කෙරෙහි දැක් වූ අසීමිත මානව දයානුකම්පාව සදා අනුස්මරණය කළ යුතුයි

ලෝක ඉතිහාසය දෙස බලන කොට පරාර්ථකාමය ම ආත්මාර්ථය කර ගැනීම ප්රකට කරුණක්.

නමුත් බුදුරජාණන් වහන්සේ ගේ මෙලොව පරලොව යහපත පිණිස ධර්මය නමැති දායාදය පිණිසම ධර්මයෙහි හැසිරිය යුතු බව අවධාරණය කළා

 

අම්බපාලී නම් වූ නගර සෝබනිය තමන් වහන්සේ වෙත සිදු කළ කළ ආරාධනයක් තිබියදී වජ්ජීන් කළ ආරාධනය ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේ රාජ්යයෙන් ලැබිය හැකි වාසි පිළිබඳව තැකුවේ නැහැ .

ධනයෙන් කුලයෙන් බලයෙන් ආරූඪ වූ පුද්ගලයින් තමන් වෙත පැමිණ දහම් අසමින් ප්රසාදයට පත්ව බුදු සරණ යන බව ප්රකාශ කළ විට ඔවුන්ගේ කිසිදු අයුරකින් ගරු සැලකිලි බලාපොරොත්තු නොවූ උන්වහන්සේ නැවත සිතමින් එම තීරණය ගන්නා ලෙස දැන්වූවා

බුදුන් වහන්සේගේ නිරපේක්ෂ තාවය කෙසේ වී ද යත් ශ්රාවකයින් තමන් පිරුනිවුණු පසු ආදාහන කටයුතු වල නිරත වීම හෝ බලාපොරොත්තු වුණේ නැහැ .මෙසේ බුදුන් වහන්සේ ගේ විශේෂත්වය පැතිකඩ කිහිපයකින් සාකච්ඡා කරන්නට පුළුවන්

අතිමානුෂීය යුග පුරුෂයෙකු වශයෙන් මහජනතාව අවිවාදයෙන් පිළිගෙන ඇති බුදුන් වහන්සේගේ උත්තරීතර මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි මනුෂ්යත්වය භාවය, අමතක කළ නොහැක්කකි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here