ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 3 දෙනෙකුගේ සිරුරු ගාසා තීරයෙන් හමු වෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
7

ගාසා තීරයෙන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තවත් තුන් දෙනෙකුගේ මල සිරුරු සොයාගෙන තිබෙනවා.

ඊශ්‍රායලයේ අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය සමඟ ඒකාබද්ධව කළ මෙහෙයමුකින් උතුරු ජබාලියා නගරයෙන් මෙම සිරුරු සොයා ගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ. මීට සතියකට පෙර ද ඊශ්‍රාල ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකුගේ සිරුරු ගාසා තීරයෙන් සොයා ගැනුනා.

ඊශ්‍රායල සිරකරුවන් 130 දෙනෙකු පමණ තවමත් රදවාගෙන සිටින බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල අගමැතිවරයා පවසා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා ආපසු ලබාගැනීමට හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.

 

 

 

 

The post ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 3 දෙනෙකුගේ සිරුරු ගාසා තීරයෙන් හමු වෙයි appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here