ඉන්දියාවේ UPI ගෙවීම් ක්‍රමය මෙරටට හඳුන්වාදීම අද

0
9

UPI හෙවත් ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය මෙරටට හඳුන්වාදීම අද සිදු කෙරෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන්.

එම අවස්ථාව සඳහා නායකයින් දෙපළ මාර්ගත ක්‍රමය ඔස්සේ එක්වන අතර එහිදී ඔවුන් එම ගෙවීම් ක්‍රියාවලිය ආරම්භ කරමින් අත්සන් තැබීමට ද නියමිතයි.

ඉන් අනතුරුව UPI හෙවත් ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් පද්ධතිය කොළඹ සිට ක්‍රියාත්මක වනු ඇති. 

UPI හෙවත් ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය 2016 වසරේදී ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ ඉන්දියානු ක්ෂණික ගෙවීම් පද්ධතියක්.

එහිදී ජංගම දුරකථනයක් හරහා බැංකු අතර සහ පුද්ගලයාගෙන් වෙළෙන්දාට ගනුදෙනු පහසුකම් සපයනු ලබනවා. 
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here