ඉන්දියාවේදී කළ සාකච්ඡා ගැන අනුර අද රටට හෙළි කරයි

0
9


පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී සිදු කළ සාකච්ඡාවලට අදාළ සියලු තොරතුරු රට හමුවේ අද හෙළි කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

පෙරවරු 10යි 30ට පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ තොරතුරු ජනතාවට පවසන බවයි ජාතික ජන බලවේගය පැවසුවේ.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිසක් පසුගිය 05 වනදා ඉන්දියාව බලා දිවයිනෙන් පිටත්ව ගියා.

ඔවුන් යළි දිවයිනට පැමිණියේ ඊයේ දිනයේදීයි. තමන් එම සංචාරයේ නිරත වූයේ ඉන්දීය රජය කළ නිල ආරාධනයකට අනුව බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ.

එහිදී ඉන්දීය රජයේ ඉහළ පෙළේ දේශපාලඥයින් කිහිප දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් සමග ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිස සාකච්ඡාවල නිරත වී තිබුණා. 

මේ අතර ජනතාව අපේක්ෂා කරන දේශපාලන වෙනසට සිය පක්ෂය නායකත්වය ලබා දෙමින් රට තුළ සාධනීය වෙනසක් ඇති කිරීම පක්ෂයේ අපේක්ෂාව බවයි  ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ.

new2023 voice · ANURA 03



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here