ඉන්දියාවට ගිය අනුර එරට ප්‍රධාන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක

0
6


ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගි වන ඉන්දීය සංචාරයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඔවුන් අද ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය විසින් බලය හොබවන කේරල ප්‍රාන්තයේ සංචාරයක නිරත වුණා.

තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අතින් වේගවත්ව ඉදිරියට ගොස් තිබෙනවා.

විශේෂයෙන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් හිමිකර ගෙන ඇත්තේ ද කේරලයයි.

අද පෙරවරුවේදී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය පී රජීව් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඉන් අනතුරුව දූත පිරිස වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා. 

ඔවුන් එම ආයතනයේ අධ්‍යක්ෂවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ අතර ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රෙය් ප්‍රධාන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරයි. 

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඇතුළු දූප පිරිස  හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිතයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here