ඉදිරියට යන්න බාධා වෙන ලැජ්ජාවෙන් ස​හ සබකෝලයෙන් ගැලවෙමු! – Sri News

0
3

ආසියානු සමාජයේදි ​ඉස්කෝලෙදි වැඩිපුර ද​ඟ කරන, ටීචර්ගෙන් ප්‍රශ්​න අහන, ක්‍රියාකාරී සිසුන් බොහෝවිට කරදරකාරයින් විදියට මාක් වෙනවා. ගුරුවරු කියන දේ ඒ විදියටම අහගෙන කට වහගෙන පාඩුවේ ඉන්න සිසුවා තමයි හො​ඳ සිසුවා විදියට මාක් වෙන්නේ. ඒත් බටහිර රටවල එහෙම නැහැ. නිතර හැමදේ ගැනම ප්‍රශ්න කරන, ද​ඟලන, කියන දේ අහන් නැති දරුවන්ටත් ලොකු තැනක් එනවා. ඒ නිසාම මොනාහරි වැඩකට කාටහරි ඉදිරිපත් වෙන්න කිව්වාම දියුණු රටවල ​ළමයි ගොඩක් එකපාර ඉදිරිපත් වෙනවා. ලංකාවේ සාමාන්‍ය පාසැලක වැඩසටහනකට ගිහින් කාටහරි ඉදිරිපත් වෙන්න කිව්වොත් එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා ඉදිරිපත් වෙන්නැහැ. ඉතින් සමහර විට අපේ සංස්කෘතිය එක්ක බැඳිලා තියෙනවා වගේ පේන මේ ලැජ්ජාව, සබකෝලය අපිට ඉදිරියට යන්න බාධාවක් වෙනවා. අපි නිකරු​ණේ  ලැජජා වෙවී ඉද්දි වෙනත් අය ජීවිතේ අභියෝග වලට මුහු​ණ දීලා ඉස්සරහට යන හැටි අපිට බලාන ඉන්න සිද්ද වෙනවා. අන්න ඒක අපේ ජීවිත වලට අවාසිදායක තත්ත්වයක් නිසා අපි බලමු කොහොමද මේ තත්ත්වය ජය ගන්නේ කියලා…

 

අපි හිතමු දන්සැලක් වගේ අවස්ථාවක් කියලා. අපි ඒකේ සංවිධායක කමිටුවේ ඉන්නවා නම් අපිට වගකීමක් පැවරෙනවා. එතකොට අපි​ට ඒ වගකීම එක්ක කට්ටිය එක්ක කතා කරන්න, මෙහෙයවන්න අවස්ථාවක් ලැබෙනවා. වෙලාවකට මම ලැජ්ජ මිනිහෙක් කියලා අමතක වෙලා කට්ටියට සැර දාන්න එහෙමත් සිද්ද වෙනවා වැඩ හරියට සිද්ද නොවෙද්දි. ඒ වගේ සුබසා​ධක බාහිර වැඩ ගොඩක් අපේ පාසැල් වල, ගම් වල, ඔෆිස් වල තියෙනවා. ඒවාට සහභාගි වුනාම අපිට මොනාහරි කරන්න දෙයක් පැවරෙනවා. ඒ සෝෂල් වැඩ වලදි මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න අපිට අනිවාර්යෙන් සිද්ද වෙනවා. සමාජයේ තියෙන ඒ වගේ වැඩ වලින් සමාජයට අපෙන් සෙතක් වෙනවා වගේම අපිටත් රටේ ලෝකේ මිනිස්සු හඳුනාගන්න, ඒ අය එක්ක ලැජ්ජාවක් නැතුව හො​ඳට කතා බහ කරන්න අවස්ථාවක් ලැබෙනවා.

 

අපිට ලැජ්ජාව නැති කරන එක පැනඩෝල් බීල ඔලුවෙ කැක්කුම නැති කරගන්නවා වගේ එකපාර කරගන්න බැහැ. ටිකෙන් ටික තමයි කරන්න වෙන්නේ. එකම බස් එකේ කෝච්චියේ අවුරුදු ගා​ණක් වැඩට, ​ඉස්කෝලෙට ගියත් දන්න කියන කාත් එක්කවත් කතානැති අය ඉන්නවා. ඉතින් අපේ ගමන අතරමග බස් එක කැඩුනොත්, වැස්සක් ආවොත් එහෙම නැත්තන් කලින් දවසේ මැච් එක අපි පැරදුනොත් අපිට පුළුවන් ළ​ඟ ඉන්න කෙනාගෙන් ඒ ගැන අහන්න. ගෑණු ළමයෙක් නම් ළ​ඟ ඉන්න අක්කා කෙනෙක් එක්ක කතාවක් පටන් ගන්න පුළුවන්. අපි හිතාන හිටියට මිනිස්සු නරකයි අපි එක්ක කතාකරන එකක් නැහැ කියලා හැමෝම එ​හෙම නැහැ. සමහර අයත් අපි වගේමයි අපි පොඩ්ඩක් ස්ටාට් එකක් ගත්තාම එයාලත් කියෝනවා හෝ ගාලා.

 

අමරසිරි පීරිස් මහත්තයාගේ ‘හන්තානට පායන සඳ’ සින්දුවේ තියෙනවා මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න කියලා. අපිට මොනාහරි කතාවක් දේශනයක් කරන්න ලැබිලා අපිට කතා කරගන්න බැරි අවස්ථා එන්න පුළුවන්. පොඩ්ඩක් බය ගතිය ඇවිල්ලා වොයිස් එක වෙව්ලන අවස්ථා එන්න පුළුවන්. හැමදාම දකින කෙල්ල එක්ක කතා කරන්න යන දවසට කකුල මෙඩලින් ගැහුවා වෙන්න පුළුවන්. ඒත් ඕවා මතක තියාගෙන ඉන්න ඕනි නැහැ. ගුලිකරලා ඒ අමිහිරි මතක අපි ඈතට දාන්න ඕනි. ඉන් පස්සේ ඒ කිසි දෙයක් නොවුන ගා​ණට අපිට හැකිවෙන්න ඕනි හැසිරෙන්න. ලොව පුරා දේශපාලකයින් ගත්තොත් ඔවුන් බොහෝවිට දේශපාලනික ජීවිතයේ ගොඩක් තැන්වලදි චාටර් වෙලා, අප්සට් වෙලා තියෙනවා. ඒත් කිසිම දෙයක් ​නොවුන ගා​ණට ඉන් සතියකට විතර පස්සේ ඒ අය කතා කරනවා ඔයාලත් දැකලා ඇති. අපි දේශපාලකයෝ වෙන්න ඕනි නැහැ. එත් අප්සට් සීන් ටික මතක් කර කර ලතවෙනවාට වඩා ඒවා අමතක කරලා කිසි දෙයක් නොවුන ගා​ණට ආයෙත් අපි උත්සාහ කරලා බලන්න ඕනා.

 

සෝ​ෂල් මීඩියා වල ඇක්ටිව් චරිත ඇත්තටම සමාජයේ ඇක්ටිව් නැහැ කියන එක සර්වලෝක සත්‍යයක්. මිනිස්සු ගොඩක් එකතු වෙන හැම තැනකදිම මූණ ෆෝන් එකට ඔබාගන්න එක අපිට ඒ තැනින් ගැලවෙන්න ලොකු පහසුවක්. ඒත් දිගින් දිගටම අපි එ​හෙම හුරු වුනාම අපිට කවදාවත් මනුස්සයෝ ඉන්න තැනක හරියට හැසිරෙන්න බැරි වෙනවා. ඒ වගේම නිතරම ෆෝන් එක බලන් හෙඩ් ෆෝන් එකක් ගහන් ඉන්නවා නම් ඔෆිස් එකක, ක්ලාස් එකක ඔයා කැමති කෙනෙක් ඔයා එක්ක කතා කරන්න ආවත් එයා ටිකක් පසුබහිනවා මේ වයර් මිනිසා එක්ක කතාකරන්නේ කොහොමද කි​යලා. ඒ නිසා ෆෝන් එක පලිහක් විදියට පාවිච්චි කරලා හැංගෙන්න හුරු වෙන්​නෙ නැතුව ෆෝන් එක පැත්තකින් දාලා ඇත්තට මූ​ණ දෙන්න පුරුදු වෙන එක වටිනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here