ඇෆ්ගනිස්තානයේ ගංවතුර හේතුවෙන් 50 දෙනෙකුට දිවි අහිමි වෙයි – Sri News උණුසුම් පුවත්

0
14

ඇෆ්ගනිස්තානයේ හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 50 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සතියේ සිට අයහපත් කාලගුණයෙන් ඇෆ්ගනිස්තානයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඊයේ දිනයේ හටගත් හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙනුයි මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පසුගිය සතියේ දී 300කට අධික සංඛ්‍යාවක් අයහපත් කාලගුණය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම තවත් විශාල පිරිසක් අතුරුදන් බව ඇෆ්ගන් බලධාරීන් දැනුම් දෙනවා.

නිවාස 2000ක් පමණ සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගවයින් දහස් ගණනක් මරණයට පත්ව ඇති බව ද සඳහන්.

උතුරු හා මධ්‍යම ඇෆ්ගනිස්තානයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර වෙළෙඳසැල් 2000ක් පමණ තවමත් වතුරෙන් යටව පවතින බව සහන කණ්ඩායම් නිවේදනය කරනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here