ඇස් යට කළු වෙනවට ගැබිනි සමයේ සිදුකල හැකි ආයුර්වේදීය සත්කාර… ලොව ගැහැණියකට ලැබ…

0
5

ඇස් යට කළු වෙනවට ගැබිනි සමයේ සිදුකල හැකි ආයුර්වේදීය සත්කාර…

ලොව ගැහැණියකට ලැබිය හැකි උතුම් පදවිය ලෙස සැලකෙන මව් පදවියට හැම කාන්තාවක්ම මුහුණ දෙන්නේ හරිම ආසාවෙන්. මවක් වුන ගැහැණියකට ජීවිතය සම්පුර්ණයි වගේ ලොකු ආත්මීය හැඟීමක් දැනෙන්නේ මව් පදවිය එතරම්ම ශ්‍රේෂ්‍ඨ වූ දෙයක් නිසයි.

ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ලේසි නෑ. ඒකට ලෙයින් මසින් විතරක් නෙවෙයි හැම අතකින්ම බොහෝ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. අවුරුදු ගණනක් මහන්සි වෙලා ලස්සනට හදාගත්ත ඇඟපත, ලස්සන රූපය දරු සෙනෙහස ඉදිරියේ එදාට දෙවෙනි වෙනවා. වෙනදා ලස්සන වෙන්න හිතෙන හිතෙන ක්‍රීම් ගාපු අපේ අම්මලා මෙදා ක්‍රීම් බෝතලේ අතට ගන්නකොට දහපාරක් හිතන්නේ තමන්ගේ රූපයට වඩා දරු පැටියගේ ජීවිතය ගොඩක් වැදගත් නිසයි. ඒත් මවක් වුන ඇය තවමත් තරුණ්‍යය තුල සිටින ඉතා සුන්දර යුවතියක්. ඇය ආසයි හැමදාම ලස්සනට ඉන්න. ඒක ඉතින් හැම ගැහැණියකටම තියෙන අහිංසක හීනයක්නේ.

ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ ලස්සන රහසක්. මේ රහස ගොඩක් වැදගත් වෙන්නේ අපේ ගැබිනි මව්වරුන්ට. එහෙම කිව්වට අනිත් අයට මේක නුසුදුසු නෑ. සොබාදහමේ සත්කාර ලස්සන වෙන්න ආස හැමෝටම සුදුසුයි.

ගර්භණී සමය කාන්තාවකගේ ශරීරයේ හෝමෝන වෙනස්කම් රැසක් ඇතිකරන අවධියක්. මේ විදිහට හෝමෝන වෙනස්කම් ඇති වුනාම අපේ ශරීරය තරබාරු වෙනවා. සම අවපැහැ ගැන්වෙනවා. ඇස්‍ යට කළු වෙනවා. අපේ කාන්තාවො හැමදේකටම වඩා මුහුණ ගැන ගොඩක් සැලකිලිමත් නිසා මේ ඇස් යට කළු වෙන එක ගැන නම් ඉන්නේ ගොඩක් හිතේ අමාරුවෙන්. ඒත් ආපහු එහෙම ඉන්න ඕනි නෑ. ඒ ප්‍රශ්නෙට ලස්සන පිළිතුරක් අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙනවා.

ඇස් යට කළු වීම නැතිකරන ස්වාභාවික සත්කාර…

🔴 “රාබු අල + එළකිරි” සත්කාරය

රාබු අල හොඳ ස්වාභාවික බ්ලීචින් කාරකයක්. ඒ නිසා සම පැහැපත් කරගන්න මේ රාබු අල හොඳ මෙහෙයක් ඉටුකරනවා.

රාබු අලයක් ගෙන හොඳින් පිරිසිදු කර එළකිරි වල තම්බාගන්න. එම තැම්බුන රාබු අලය තවත් පැයක පමණ කාලයක් එළකිරි වල පොඟවා තබා බ්ලෙන්ඩර් කර දෙහි යුෂ ස්වල්පයක්ද සමඟ මිශ්‍ර කර ඇස් වටේ ගල්වා තබා විනාඩි 30 කින් සෝදාහරින්න.

🔴 “දොඩම් රේණු” සත්කාරය

සම පැහැපත් කරන විටමින් C අඩංගු දොඩම් පෙති 02 ක් ගෙන ඇස්වටා විනාඩි 05 ක් පමණ අතුල්ලා (කවාකාරව) සෝදාහරින්න.

🔴 “පිපිඤ්ඤා + එළකිරි” සත්කාරය

පිපිඤ්ඤා පෙති 02 ක් ගෙන එළකිරි වල පැයක් පමණ පොඟවා දෑස් මත තබන්න.

🔴 “අර්තාපල් + එළකිරි” සත්කාරය

අර්තාපල් ගෙඩියක් ගන්න. එය එළකිරෙන් තම්බා ගන්න. එම තැම්බුනු අල ගෙඩිය එළකිරි වල පැයක පමණ කාලයක් තවදුරටත් පෙඟෙන්නට තබන්න. ඉන්පසු මෙම අල හොඳින් බ්ලෙන්ඩර් කර ඇස් වටා ගල්වන්න. විනාඩි 30 ක් පමණ තබා පසුව සෝදාහරින්න.

🔴 සහල් වතුර

සහල් සෝදා ගන්නා දෙවැනි වතුර විනාඩි 10 ක් පමණ තබා හොඳින් කලතන්න. එම පෙණ ඇස් වටා ගල්වා තබන්න. විටමින් සහ ඛණිජ ලවණ අඩංගු මෙම සහල් ජලය ඔබේ සම පැහැපත් කරයි.

මෙම සත්කාර වලට අමතරව මානසික සැහැල්ලුවත් ප්‍රබෝධවත් දෑසකට අත්‍යාවශ්‍යම සාධකයක්. මේ නිසා පැය 06 ක් වත් සුව නින්දක් ලබාගන්න. ඇස් වල පවතින වෙහෙස දුරුකිරීමට කෝමාරිකා යුෂ ස්වල්පයක් දෑස් මත ගල්වන්න.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸ගර්භණී සමයේදී ඔබ කලයුතු නොකල යුතු රූපලාවණ්‍යය කටයුතු 👇
https://m.facebook.com/story.php?story_fbid=1996162974011529&id=1839559759671852

🔹යුවතියන් ලස්සන කරන පාන වර්ග 10 👇
https://m.facebook.com/story.php?story_fbid=2427859514175204&id=1839559759671852

🔸පැහැපත් සමක් ඔබට ගෙන දෙන ස්වාභාවික සත්කාර 10 👇
https://m.facebook.com/story.php?story_fbid=2500588903568931&id=1839559759671852

🔹මනාලියක් වීමට පෙර ස්වාභාවික සත්කාර වලින් ගෙදරදිම ලස්සන වෙන හැටි 👇
https://m.facebook.com/story.php?story_fbid=2076474789313680&id=1839559759671852

👦 තොරතුරු :- ආචාර්ය, වෛද්‍ය භූෂන් මහේෂ් අතුරලිය මහතා
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #treatmentsforeyes




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here