ඇල්පිටිය අයවැය විවාදයකින් තොරවම සම්මතයි!

0
11


සභාපති සනත් සුමනසිරි මහතා විසින් එය ඉදිරිපත් කරන ලදී.

එම අයවැය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලීන් ප්‍රියදර්ශනගේ යෝජනාවෙන් හා පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රි සරත් අල්විස්ගේ ස්ථිරත්වයෙන් සභා සම්මතවීම විශේෂත්වයකි.

සභාපති සනත් සුමනසිරිගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සභා රැස්වීම පැවැත්වුණ අතර ජාතික ජනබලවේගයේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු 15 දෙනෙක් සහ අනෙක් පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රිවරු 11 සමග මන්ත්‍රිවරු හා මන්ත්‍රිවරියන් 26 දෙනෙකු මෙම විශේෂ සභා රැස්වීම සඳහා සහභාගීවිය.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here