ඇමරිකාවේ පල්ලියක වෙඩි තැබීමක් – එක් අයෙකු ජීවිතක්ෂයට

0
5

ඇමරිකාවේ පල්ලියක දී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලැබුවා.

ටෙක්සාස්හි පල්ලියකයි වෙඩි තැබීම සිදු වුණේ. කෝට් ඇඳුමකින් සැරසුණු කාන්තාවක් දිගු තුවක්කුවකින් වෙඩි තබා පලා යාමට උත්සහ දරා තිබුණා.

ආරක්ෂක නිලධාරීන් පෙරළා සිදු කල වෙඩි තැබීමෙන් එම කාන්තාව මිය ගොස් තිබෙනවා.

කාන්තාව සිදු කළ ප්‍රහාරයෙන් වෙඩි වැදුනු දෙදෙනෙකු රෝහල් ගත කළා.

ඒ අතර සිටින තුවාල ලැබූ 5 හැවිරිදි පිරිමි ළමයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්. පස්වරු 2 ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර ඒ වන විට 16,000කට අධික පිරිසක් පල්ලියේ රැඳී සිට තිබුණා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here