ඇමති පවිත්‍රාගේ ඉල්ලීමකට අනුව ඇමති රමේෂ් රත්නපුර ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ සංචාරයක – Sri News දේශීය පුවත්

0
14

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ඉල්ලීමකට අනුව සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රත්නපුර ශික්ෂණ රෝහලේ කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා නිරීක්ෂණ සංචාරයක නිරත වුණා.

මෙම සංචාරයේදී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රෝහල් පරිපාලනය, වෛද්‍යවරුන් සමඟ රෝහලේ සේවා කටයුතු තවදුරටත් වඩා වේගවත් හා පුළුල් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

එමෙන්ම අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍යය අමාත්‍යවරිය ලෙස සිටි සමයේ කරන ලද යෝජනා වකට අනුව රෝහලේ යෝජිත නව හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

නවීන තාක්ෂණය සහිත ව ගොඩ නැගෙන මෙම හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස සෞඛ්‍යය අමාත්‍ය වරයා රෝහල් පරිපාලනයට උපදෙස් ලබා දුන්නා.

මෙම හෘද රෝග ඒකකය ගොඩනැගීමත් සමඟ සබරගමුව සහ ඌව පළාතේ තිබෙන ඉහළ ම සෞඛ්‍යය පහසුකම් වලින් සමන්විත හෘද රෝග ඒකකය වනු ඇත.

සංචාරය ට එක් වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ජනතාව ට වඩා ගුණාත්මක සහ යහපත් සෞඛ්‍යය සේවයක් උදා කර දීම තම අභිලාෂය වන බවයි.

මෙම අවස්ථාවට රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අනෝජ රොද්‍රිගො මහතා ඇතුළු , වෛද්‍ය වරුන් එක්ව සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here