ඇමති නලින්දගෙන් කතරගම බස්නායක නිළමේට ඇමතුමක් ….

0
16


ඒ අනුව කතරගම දේවාලයේ පරිත්‍යාගයක් වශයෙන් මොනරාගල රෝහලේ ඉදිකිරීමට නියමිත වාට්ටුව සංකීර්ණය කඩිනමින් ඉදිකර දෙන ලෙස අමාත්‍යවරයා බස්නායක නිළමේවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට බස්නායක නිළමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා එකඟ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම එම දුරකථන සංවාදයේදී පසුගිය දිනක මහරගම අපේක්ෂා රෝහලේ නව ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය විවෘත කරන අවස්ථාවේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශය ද සිහිපත් කර ඇති ඩිෂාන් ගුණසේකර මහතා අදාළ ප්‍රකාශය අමාත්‍යවරයා විසින් කතරගම දෙවියන්ට හෝ දේවාලයට අපහාස කිරීමේ චේතනාවක් ඇතිව සිදුකරන ලද්දකැයි තමන් කිසිසේත්ම නොසිතන බවත් පවසා ඇති බව ආරංචිමාර්ග පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම්, නවීකරණය කිරීම්, නව ඉදිකිරීම් යනාදිය ජාතික සැලැස්මකට අනුව සිදුවිය යුතුය යන්නට තමන් ද එකඟ බව පවසා ඇති නිළමේවරයා ඒ අනුව ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය තමන් ද අනුමත කරන්නේ යැයි පවසා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here