ඇන්ඩර්සන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ තීරණයක

0
5

එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙන බව බව වාර්තා වනවා.

ඒ, අනුව එළඹෙන ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 42 හැවිරිදි වියේ පසුවන ඇන්ඩර්සන්ගේ අවසන් ටෙස්ට් තරගාවලිය වනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එංගලන්තය නවක, තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමුකිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණයත් සමඟ ඇන්ඩර්සන්ගේ විශ්‍රාම ගැනීම ඉක්මන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්ත ක්‍රිකට් පාලනාධිකාරියේ තීරණය එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් ඇන්ඩර්සන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

2003 වසරේ මැයි මස 22 වනදා ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිම්බාබ්වේ කණ්ඩායම එරෙහිව සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවිය ඇරඹු ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්ත වෙනුවෙන් ටෙස්ට් තරග 187කට ක්‍රීඩාකර තිබෙනවා.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති වේග පන්දු යවන්නා බවට පත්ව සිටින ඇන්ඩර්සන් බිඳහෙළා ඇති ටෙස්ට් කඩුලු ගණන 700ක්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here