ඇන්ටන් චෙකොෆ් ගේ ආසියා ගමන – Anton Chekhov visits Asia – Sri News

0
4

ඇන්ටන් චෙකොෆ් නම් මහා ගත්කරුවාණන් නාට්  සහ කෙටිකතා ලොවට අලුත් මානයක් එක් කල මහ ගත්කරුවෙකි. ඔහු ජීවත් වූ අවුරුදු 41ක් තරම් වූ කෙටිකාලය තුල ඔහු විසින් ලියන්නට යෙදුන  කෙටිකතා ලොව වැඩිම භාෂා සංඛ්යාවකට පරිවර්තනය වූ කතාවෝ වෙති. භාෂා සියයකටත් අධික සංඛ්යාවකට ඇන්තන් චෙකොෆ්ගේ කෙටිකතා පරිවර්ථනයවී ඇත.

ඇන්ටන් චෙකොෆ් ආසියාවේ ශාස්ත්රාලය බඳු ඉන්දියාවට කෙදිනකවත් ගොස් නැත. එහෙත් අප මෙම පුණ භූමිය වන ලංකා පොලවට චෙකොෆ් ගොඩබැස එහි සුව විදගත් සැටි ඔහුගේ ජීවන වෘත්තාන්තයේ පැහැදිලිව දක්වා තිබේ. චෙකොෆ් ලංකාවේ වාසය කලේ දින තුන හතරකි. ගැන ඔහුගේ පසුකාලීන වාර්තා වල දැක්වෙන්නේ ඉතා අඩුවෙනි. එහෙත් නිසැක වශයෙන්ම ඔහු ලංකාවට බැව් ඔහු ලංකාවෙන් ගෙනගිය මුගටින් සහ කැටයම් ආශ්රයෙන් නිගමනය කළ හැක.

 

දැනට ලෝකයේද ඇති දීර්ඝතම දුම්රිය මග වන්නේ ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මගයි. මොස්කව් සිට ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මග ඔස්සේ ජපාන අන්තයට පැමිණෙන චෙකොෆ් එකල ඒ ගමන වෙනුවෙන් මසකවත් කලක් ගත කරන්නට ඇත. අදද ඒ දුම්රිය ගමනට සතියකට වඩා කාලයක් ගත වේ. රුසියාවට අයිති සක්හලින් දූපත අද සරුසාර දිවයිනකි. එහෙත් එදා චෙකොෆ් ගිය සක්හලින් දූපත මහ අපායෙකි. එහි සිරකරුවෝ පිරි සිටි අතර දුප්පත්කමින් මිනිස්සු තෙරපී වැටී දිවි ගෙවූහ. මේ සක්හලින් හි පිඩිත ජීවිත දුටු චෙකොෆ් සතර පෙර නිමිති වල මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් දුටු සිද්ධාර්ථ මෙන් ජීවිතය ගැන අලුත් දැක්මක් සොයන්නට පටන් ගත්තේය. පැහැදිලිව ම ඉන් පසුකාලීනව චෙකොෆ්ගේ කතා වල පෙරට වඩා ගැඹුරක් ඇතැයි සාහිත්‍ය විචාරකයෝද පවසති.

 

අද කාලයේ නම් අවිවාදයෙන්ම සිංගප්පූරුව ලංකාවට වඩා දියුණු රටකි. එහෙත් 1959 කාලයේදී සිංගප්පූරුව යනු එතරම් දියුණු තැනක් නොවේ. ගැන වැඩි මතයක් ගෙන හැර පා නොමැති චෙකොෆ් ලංකාවට ආසන්න ඉන්දියන් සාගරයට පිවිසෙත්ම එහි ගිලී නාන්නට පටන් ගත් බව දැක්වේ. නාන අතර චෙකොෆ්ට ඈතින් සිට පීනන මෝරුන් දිස් වූ හෙයින් හනි හනික නැවත නැවට ගොඩ වූ බවක්ද ඔහුගේ වාර්තාදියේ දැක්වේ. අතර චෙකොෆ්ගේ හද කකියෙන තවත් සිදුවීමක් විය. එනම් නැවේදී මියගිය දෙදෙනෙක් රුවල් රෙදි වල ඔතා මුහුදට දැමීමයි. සැතපුම් ගණනාවක් ගැඹුරු මුහුද පත්ලට රුවල් රෙදි වලින් එතූ මිනී ගිලී යන අන්දම චෙකොෆ් නැව් තට්ටුවට වී සෝ බර මුහුණින් බලා සිටින්නට ඇත.

චෙකොෆ් ලංකාවේදී ලියන්නට පටන් ගෙන රුසියාවේදී හමාර කල ගුසෙෆ් නම් කෙටිකතාව පාදක වන්නේ නැව් තට්ටුවේ දී මිය ගිය මිනී දෙක වටාය. එය සත්යම කතාව නොවුණද එහි ආභාෂය මැනවින් කතාවට වැටී ඇත. ගමනේදී කතා කිහිපයක්ම පටන් ගෙන තිබෙන මුත් ඔහු ඒවා අවසාන කොට ඇත්තේ මොස්කව් වලදීය.

 

කලින් සක්හලින් දූව නම් මිහිබට අපායක් බදු තැනකට ගොස් දිවිය ගැන කලකිරී ඊලගට දින ගනනාවක දීරඝ මුහුදු ගමනකින් ලංකාවට ගොඩබැසගත් නිසාදෝ ලංකාව පාරාදීසයේ දිවයින යැයි චෙකොෆ් විසින් හදුන්වා දී තිබේ. එකල ලංකාවට පැමිණි බොහෝ විදේශිකයෝ මෙය කදිම සුරපුරයකැයි ඔවුන්ගේම අකුරින් ලියා තිබෙනු පැරණි වාර්තා බැලූ විට පෙනී යයි.

චෙකොෆ්ට ගැහැනු වශී වූවාද චෙකොෆ් ගැහැණුන් පිටුපස ගියාද යන්න පැහැදිලි නැති මුත් චොකොෆ්ගේ දිවියට ගැහැණුන්ගෙන් මදි පාඩුවක් නම් වී නොමැති බැව් ඔහුගේ දිවිගමන නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. තාල වර්ගයේ පොල් ගසින් සැදි බිම මතින් ඇදෙන දුම්රිය. සෞම් කාලගුණයක් සහිත නුවර පරිසරය ගැන සඳහන් කර ඇති චෙකොෆ් කදිම දුඹුරු පැහැති කාන්තාවන්ද ලංකාවේ  සිටි බැව් කියා තිබේ. ඇතැම් විට නුවර ගිය ගමන ඇවිදින්නට ගිය ගමන් චෙකොෆ් කාන්තාවක් කැටුව යන්නටද අමතක නොකරන්නට ඇත. චෙකොෆ් නුවරදී දමිල ක්රිස්තියානි අයගේ පෙරහැරක් දැක ඇති අතර එය වතුකම්කරුවන්ගේ පෙරහැරක් වියහැකි යැයි මාර්ටින් වික්රමසිංහ සිය චෙකොෆ් හා ලංකාව පොතේ කියා තිබේ.

 

කොළඹ කොටුවේ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ලංකාවේ ඇති පැරණිතම හෝටල වලින් එකකි. එහි 1889 නොවැම්බර් මස චෙකොෆ් විසූ බවට වාර්තා වේ. එහි සිට එලියට බැස ඇවිදන චෙකොෆ්ට මග තැනක නයි නැටවීමක් දකින්නට ලැබී තිෙබ්. ඉන් අනතුරුව නයි මුගටි හටනක්ද තිබූ අතර එහිදී මුගටියාට චෙකොෆ්ගේ සිත ගියේය. ඔහු ලංකාවෙන් මුගටින් දෙතුන් දෙනෙකු නැවෙන් රැගෙන ගිය අතර ඔවුන් අරාබිය සූවස් ඇල මධ්යධරණී මුහුද හරහා මොස්කව් දක්වා ගමන් කලෝය. මුගටි පැටවුන්ට සමකාලීන සාහිත්යකරුවන්ගේ නම් දමන්නටද චෙකොෆ් උත්සාහ ගත් නමුත් නැවේ ගිය සේවකයින් උන්ට වනවිටත් නම තබා තිබූ බැවින් චෙකොෆ්ගේ නම් තැබීම පලක් නොවීය.

පසුකලෙක ඊට වසර 3-4කට පසු මෙම මුගටින් මොස්කව් සත්වෝද්යානයට බාර දීමට සත්වෝද්යානයට චෙකොෆ් විසින් ලියා ඇතිමුත් සතුන් මොස්කව් සත්වෝද්යානයේ සිටියේදැයි පැහැදිලි සටහනක් නැත. 1959 දී චෙකොෆ්ගේ ක්රිමියාවේ නිවස වෙත ගිය මාර්ටින් වික්රමසිංහ එහි ලංකාවෙන් ගෙනගිය ඇත් රූප එහි ඇතැයි සඳහන් කොට තිබේ. සමහර විට අදද ක්රිමියාවේ යාල්ටා හි චෙකොෆ්ගේ පැරණි නිවසේ වූ කෞතුකාගාරයේ ලංකාවෙන් ගෙන ගිය ඇත් රූප තිබෙනවා වන්නට ඇත. සෝවියට් මතය ලොව ප්රචලිත කිරීමේ එක් උපායක් ලෙස එකල සෝවියට් දේශය හරහා පොත පත සාපේක්ෂව ඉතා අඩුමිලට පරිවර්තනය වී ලංකා වෙළඳපොලට නිකුත් විය. එම පොත් හරහා රුසියානු සාහිත්යය රස වැටුණු ලාංකිකයින්ට චෙකොෆ් යනු අමුත්තකු නොවේ. අප කුඩා දිවයිනට දින තුනකට හෝ එම මහා ගත්කරු පැමිණ තිබීම අපගේ ගෞරවාදරයට හේතු වේ.

 
Cover Image Source – wikipedia.org/ natgeo.com/ lankapura.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here