ඇදුම රෝගයට ගුණදෙන ආහාරපාන… ඇදුම යනු හදිසි මාරක රෝගයක් නොවූවත් නොසලකා හැරියොත්…

0
6

ඇදුම රෝගයට ගුණදෙන ආහාරපාන…

ඇදුම යනු හදිසි මාරක රෝගයක් නොවූවත් නොසලකා හැරියොත් මාරාන්තික වන රෝගී තත්වයකි. අප රට තුළ ජනගහනයෙන් මිලියන 02 ක ප්‍රමාණයක් මෙම ඇදුම රෝගයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.

🔴 ඇදුම රෝගය ඇති වීමට හේතු
==============================

🔶. එක් එක් පුද්ගලයාට ආසාත්මික වන රෝග සාධකයන් විවිධ වෙයි. (කෙනෙකුට දූවිලි ආසාත්මික වන විට තව අයෙකුට පරාග ආසාත්මික විය හැකියි.)
🔶. මලබද්ධය, පණුරෝග, පීනස, ගැස්ට්‍රයිටිස් වැනි රෝගී තත්වයන්
🔶. බර ආහාර, රළු ආහාර හා සීත ගුණ සහිත ආහාරපාන ගැනීම
🔶. සීත ජලය ස්නානය කිරීම
🔶. දුම් සහ දූවිලි ආඝ්‍රාහණය කිරීම
🔶. අව්වේ සිටීම හා ගමන් විඩාව ඇතිවීම
🔶. අධික බර ඉසිලීම
🔶. මල මුත්‍ර වේග දරා සිටීම
🔶. පෝෂණ ඌණතා
🔶. ලොම් සහිත සුරතල් සතුන් (බල්ලන්, බලලුන්, හාවන් වැනි)
🔶. මකුළු දැල්
🔶. පුෂ්ප වල පරාග අඝ්‍රාහනය
🔶. එකම ආහාරය කිහිප වරක් රත්කරමින් ආහාරයට ගැනීම
🔶. අලුයම සහ රාත්‍රී කාලයේ ස්නානය
🔶. නිදි වැරීම
🔶. දහවල් කාලයේ නින්දට යාම
🔶. සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග

🔴 ඇදුම රෝගයෙන් මිදීමට කළ යුතු දෑ…
=================================

🔷. අලුයම අවදි වීමෙන් සහ නිදි වැරීමෙන් වැළකීම
🔷. සීතල පින්නෙන් සහ මීදුමෙන් ආරක්ෂා වීම
🔷. උදේට හීල් බත්, සීතල වූ ආහාර, එළකිරි, කිරිබත් ආදිය සේවනයෙන් ඈත්වීම
🔷. මුහුණ සේදීමට උණු වතුර පමණක් භාවිතා කිරීම
🔷. නෑමට ගන්නා වතුර භාජන වලට දමා සිසිල් සෙවන ඇති ගසක් යට පැය කීපයක් තබා ස්නානය කිරීම (රෝගී තත්වය බරපතල නොමැති නම් පමණක් හොඳින් හිරුඑළිය පායා ඇති දිනයක උදෑසන 11 – 12 ත් අතර සතියකට දෙවතාවක් පමණ ස්නානය කරන්න.)
🔷. රාත්‍රියේදී සැහැල්ලු ආහාරයක් වේලාසනින් ලබා ගැනීම.
🔷. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව වරින්වර ආහාර නොගැනීම.

🔴 ඇදුම රෝගීන්ට නුසුදුසු ආහාරපාන
=================================

• කොස්
• දෙල්
• කිරිඅල
• තිරිඟු පිටි ආහාර
• අන්නාසි
• තක්කාලි
• පිපිඤ්ඤා
• අළුකෙසෙල්
• අලු පුහුල්
• තැඹිලි
• කුරුම්බා
• ගෙඳ පලා
• සාරණ
• නිවිති
• හරක් මස්
• ඌරු මස්
• බලමාළු
• හුරුල්ලන්

🔴 ඇදුම රෝගයට කළ හැකි පිළියම්
===============================

🔶. උණු වතුර පානය කිරීම
🔶. වාෂ්ප දුම් ඇල්ලීම
🔶. ඉඟුරු, කොත්තමල්ලි, කටුවැල්බටු, එළබටු මුල්, දේවදාර තැම්බූ ඖෂධ වතුර දිනකට දෙතුන් වතාවක් පානය කිරීම
🔶. බටු තෙල්, කොලසෙලෙස්මා තෙල් පපුවේ හා බෙල්ලේ ආලේපකර පිරිමැදීම. (මෙමඟින් සෙම බුරුල් වී ස්වසනයට පහසුවක් ලැබේ)

🔶. ගම්මිරිස් මුල් මිටකට තැඹිලි පොල් බෑයක් එක්කර කොටාගත් යුෂ වලට හීනටි හාල් මිටක් එක්කර සාදාගත් කැඳ සතියක් විතර උදේ කාලයේදී හොඳට පානය කරන්න. ඔබට මේ භාවිතා කරන විට ක්‍රමයෙන් ලොකු සහනයක් දැනෙන්නට පටන් ගනීවි.

🔶. තිප්පිලි, තිප්පිලි මුල්, සුදුළූණු, වියළි ඉඟුරු යන මේ ඖෂධ කලං 03 බැගින් අරගෙන පත අට එකට සිඳ, මීපැණි දමා පානය කිරීමත් ඉතා ගුණදායකයි.

රෝග තත්වය උත්සන්න වී ඇති අවස්ථාවක පැයක් තුළ එය පහව නොයන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බත මතක තබාගන්න.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸ඔසු ගුණය යහමින් කැටිවුන පලා ලෝකයේ මනාලිය “හීන් ගෙඳ” 👇
https://m.facebook.com/story.php?story_fbid=2435237610104061&id=1839559759671852

🔹බොහෝ ලෙඩට ගුණදෙන සුවඳ ඉහිරෙන ඔසු පැළෑටිය “සේපාලිකා” 👇
https://m.facebook.com/story.php?story_fbid=2420743778220111&id=1839559759671852

🔸ඇස් දෙක සුරකින “සාරණ” 👇
https://m.facebook.com/story.php?story_fbid=2349208428706980&id=1839559759671852

🔹විෂ සමඟ ගුණ හොවාගත් මල් ලොව හැඩ කාරිය “නියඟලා” 👇
https://m.facebook.com/story.php?story_fbid=2457388357888986&id=1839559759671852

📗 ලිඛිත මූලාශ්‍ර :- සුශ්‍රැත සංහිතාව
👦 තොරතුරු :- ආයුර්වේද වෛද්‍ය ඩී. ඇම්. කේ දිසානායක මහතා
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #ඇදුම #හතිය #ස්වාස #asthma




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here