Home හරිත යාය ආහාර ස්වෛරීත්වය රැක ගනිමු – Sri News

ආහාර ස්වෛරීත්වය රැක ගනිමු – Sri News

0
13


දේශගුණ විපර්යාසයට අප මුහුණ දෙන්නට තැත් කරන පරාජිත මානසිකත්වය ගැන පසුගිය කලාපයෙන් සංක්ෂිප්ත ලෙස සාකච්ඡා කළෙමි. මෙම ලිපියෙන් වැඩි දුරටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ එයට මුහුණ දීමට අපට කළ හැකි දේ පිළිබඳවයි.

1960 පමණ සිට හරිත විප්ලවය අවධානය යොමු කළේ කෙසේ හෝ නිෂ්පාදනය වැඩිකිරීම ගැන ය. එනම් ලොව වැඩිවෙමින් පවතින ජනගහනයට ආහාර සුරක්ෂිත බව ඇති කිරීම ගැන ය. ‘ආහාර සුරක්ෂිත බව’ යන සංකල්පය දෙස යළි අවධානය යොමු කර බලමු. ඉන්, එවකට විද්‍යාඥයන් අදහස් කළේ සියලූ ජනගහනයට අවශ්‍ය පෝෂණය සැපයීමට ය. ආහාර රට තුළ නිපැයීම හෝ වෙනත් රටවලින් ආනයනය කිරීම තුළින් එම අවශ්‍යතාව සපයා ගත හැක.

කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය හැකිතාක් ඉහළ නැංවීම යන ඉලක්ක හොඳින් ඉටු කර ගැනීම සඳහා මහා පරිමාණ කාර්මික කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානය යොමු කෙරින. විශාල ඉඩම්, යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය, වැඩි දියුණු කරන ලද බීජ, රසායනික යෙදවුම් මෙම මහා පරිමාණ කෘෂිකර්මයේ ලක්ෂණ විය. ලාබ ඉපයීම පදනම් කර ගත් සමාගම්වල ග‍්‍රහණයට කෘෂිකර්මය පත් වීම තුළ පරිසර හිතකාමිත්වයක් හෝ තිරසර බවක් ගැන කිසිදු තැකීමක් නැති තත්ත්වයක් උද්ගත විය.

ගෝලීය උණුසුම වැඩි කිරීමට හේතු වූ සියලූ සාධකවල නිර්මාතෘන් වූයේ මෙම මහා පරිමාණ නිෂ්පාදකයන් සහ වාණිජ ආයතනයි.

1990 ගණන්වල අවසානයේ දී හරිත විප්ලවයේ භයානක ප‍්‍රතිඵල දක්නට ලැබීමත් සමග ම ආහාර ස්වෛරීත්වය ගැන කතා කරන්නට සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර ආයතන පෙළඹෙන්නට විය. බහුජාතික මහා පරිමාණ සමාගම් සහ වාණිජ ආයතනවල බලපෑමෙන් මිදී, ආහාර නිපදවන – බෙදා හරින – පරිභෝජනය කරන ජනතාව විසින් ම ආහාර නිපදවීම සහ බෙදා හැරීම සම්බන්ධ ප‍්‍රතිපත්ති පාලනය කළ යුතු ය යන්න සාකච්ඡුාවට භාජනය විය.

තම ශරීර සෞඛ්‍යයට සහ සංස්කෘතියට ගැළපෙන ආහාර ලබා ගැනීම සැමට ම ඇති අයිතියකි. තම ආහාර සංස්කෘතිය අමතක කොට වෙනත් ආහාර සංස්කෘතියක් වැළඳ ගන්නට අපට බල කර ඇත්තේ ගෝලීයකරණය විසිනි. ගමේ කෑම, අපේ කෑම ගැන අපට යම් කිසි කැක්කුමක් ඇත. එබඳු ආහාර නිපදවීමට හැකි වන්නේ පරිසර හිතකාමී තිරසර ක‍්‍රමවලින් පමණි. අප අනුභව කරන දේ තීරණය කිරීමට වාණිජ පරමාර්ථවලින් මෙහෙයවනු ලබන බහුජාතික සමාගම්වලට අයිතියක් නැත. තමන් වගා කරන දේ සහ එය කරන ආකාරය පිළිබඳ ව තීරණ ගැනීමේ අයිතිය ගොවීනට හිමි විය යුතු ය. ආහාර ස්වෛරීත්වය අප ලබා ගත්තා වනුයේ එවිට ය.

හරිත විප්ලවය විසින් උණුසුම් කරන ලද මිහිතලය සිසිල් කිරීමේ වගකීම යළි පැවරී ඇත්තේ සුළු ගොවියාට ය. වැඩි දියුණු කරන ලද බීජ සහ රසායනික පොහොර මහා පරිමාණයෙන් භාවිත කිරීමේ ප‍්‍රතිඵලය ජෛව විවිධත්වය වැනසීම සහ පස සෝදා යාමයි. හරිත විප්ලවය විසින් භාවිත කරන ලද තාක්ෂණය විසින් සුළු ගොවියා වෙත තිබු දැනුම කිසිදු පිළිගැනීමකට ලක් නො කරන ලදී. එහෙත් මෑතක සිට ලෝක ආහාර සංවිධානය පවා සුළු ගොවියාගේ තාක්ෂණය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත.

දැහැමි ගොවිතැනක උරුමකරුවන් වූ අපට මෙහි දී කළ හැකි දෑ බොහෝ ය. මිහිතලය යළි සිසිල් කර ගැනීමට අපට දායක විය හැක්කේ කෙසේ ද යන්න අද විමසා බලමු.

01. පස සුවපත් කිරීමෙන් පටන් ගනිමු.
ආහාර සහ දේශගුණ සමීකරණය රැඳී ඇත්තේ පසෙහි ය. තිරසර නොවන කෘෂිකාර්මික තාක්ෂණය භාවිතය නිසා පසුගිය ශත වර්ෂයක කාලය තුළ සියලූ ම වගා බිම්වල කාබනික ද්‍රව්‍ය 70% දක්වා විනාශ වී ඇත. තෘණ බිම්වල කාබනික ද්‍රව්‍ය 50%කින් විනාශ වී ඇත. දැනට මිහිතල වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඞ් (co2) අතිරික්තයෙන් 40%කට පමණ මෙම කාබනික විනාශය වග කිව යුතුව ඇත.

එහෙත් අපට ඇති සුබ ආරංචිය නම් මෙලෙස අප විසින් වායුගෝලයට යවන ලද ඣ2 ප‍්‍රමාණය අවශ්‍ය නම් යළි පස තුළට දැමීමට හැකි බව ය. එ් සඳහා ඇති එක ම මාර්ගය අපගේ මුතුන් මිත්තන් පරම්පරා ගණනක් තුළ ක‍්‍රියාත්මක කරන ලද තාක්ෂණය යළි භාවිතයට ගැනීම ය. මේ සම්බන්ධයෙන් පසුගිය කලාපයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

කෘෂිකර්මය සම්බන්ධ ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍යයන් විසින් නිවැරදි ප‍්‍රතිපත්ති සහ අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ නම් කාර්මික කෘෂිකර්මය ආරම්භ කිරීමට පෙර පස තුළ කාබනික ද්‍රව්‍ය තිබූ මට්ටමට යළි ගෙන එ්මට ගත වන්නේ වසර 50ක් වැනි කාලයකි. කාර්මික කෘෂිකර්මය විසින් පසෙහි කාබනික ද්‍රව්‍ය විනාශ කිරීමට ගත් කාලය ද වසර 50 ක් පමණ ය. මෙය සිදු වන්නේ නම් වර්තමානයේ මිහිතලයට හරිතාගාර වායු එකතු වීම 25%-30% පමණ ප‍්‍රමාණයකින් අඩු කර ගත හැකි වේ.

02. ස්වභාවධර්මයට ඉඩ දී රසායනික රහිත ගොවිතැනට යොමු වෙමු.
කාර්මික ගොවිපළවල රසායනික භාවිතය එන්න එන්න ම වැඩි වනුයේ පසෙහි සාරවත් බව තව තවත් පහළ දමමින් සහ කෘමින් සහ වල් වර්ග තුළ තව තවත් කෘමිනාශක සහ වල්නාශකවලට ඔරොත්තු දෙන තත්ත්වයන් ඇති කරමිනි. එසේ වූව ද රසායනික භාවිතයෙන් තොරව, ගොවිපළ බෝග විවිධත්වය තුළින්, බෝග වගාව සහ සත්ව පාලනය එ්කාබද්ධ කිරීම තුළින්, ගැළපෙන බීජ වර්ග භාවිතය තුළින් වගාබිම සමතුලිතව තබා ගැනීමට සම්ප‍්‍රදායික සුළු ගොවීනට දැනුම ඇත. මෙම තාක්ෂණය විසින් පසෙහි සෝදා යාම වළක්වාලමින් එහි ශක්තිය වැඩි දියුණු කරන හෙයින් වගා බිමේ නිෂ්පාදන හැකියාව පහළ යාමක් නැත. සැම වසරක ම වඩ වඩාත් පස තුළට කාබනික ද්‍රව්‍ය එකතු වනු මිස හරිතාගාර වායු මුදා හැරීමක් නැත. සිදු වන්නේ එ්වා පස තුළට ගබඩා කිරීම ය. වගා බිමෙන් වඩ වඩාත් ආහාර නිපදවන්නට හැකිවේ.

03. අලූත් ආහාර පරිභෝජනය කරමු. සැකසූ ආහාර පරිභෝජනය නතර කරමුු
ඔබ විසින් ම නිපදවන ලද ආහාර විවිධ ලෙස නැවත සකස් කොට ලෝකය වටා රවුම් ගසා නැවත ඔබට ම පරිභෝජනය කිරීමට සැලැස්වීමේ බහු ජාතික සමාගම්වල ලාභාපේක්ෂිත ක‍්‍රියාවලිය පාරිසරික වශයෙන් හෝ වෙනත් කිසිදු සාධාරණ තර්කයකට ගෝචර නො වේ. මහා පරිමාණයෙන් වන විනාශ කොට වගාබිම් ඇති කිරීම, කෘෂි නිෂ්පාදනයන් ශීත කළ සහ අධීශීත කළ ආහාර බවට පෙරලා මහා පරිමාණ වෙළඳ පළවල විකිණීම දක්වා ගමන, හරිතාගාර වායු නිපදවීමේ විශාල කාර්ය භාරයක් ඉටු කරයි. ආහාර නිෂ්පාදනය ප‍්‍රාදේශීය වෙළඳ පළ සඳහා නැවත යොමු කිරීම සහ සකස් නොකරන ලද අලූත් ආහාර පරිභෝජනයට ජනතාව පෙළඹවීමෙන් පමණක් හරිතාගාර වායු වායු ගෝලයට එක් කිරීම නතර කර ගත හැකි ය. එහෙත් මෙය එතරම් පහසු කාර්යයක් නො වේ. බහුජාතික සමාගම් සහ රාජ්‍යයන් විසින් ද ආහාර වෙළඳාම ලාබදායක ව්‍යාපාර කර ගෙන ඇති බැවිනි.

04. ඉඩම් යළි ගොවීනට දෙමු. මහා පරිමාණ වගාවන් නවත්වමු.
ලෝකයේ ම වගා බිම්වලින් හෙක්ටයාර මිලියන 140ක්, එනම් සමස්ත ඉන්දියාවේ ම ඇති වගා ඉඩම්වලට සමාන ඉඩම් ප‍්‍රමාණයක්- පසුගිය වසර 50ක කාලය තුළ දී මහා පරිමාණ වගාවන් වර්ග 4කට සීමා කර ගෙන ඇත. එනම් සෝයා බෝංචි, ඔයිල් පාම්, කැනෝලා සහ උක් වගාව ය. මෙම ඉඩම් ප‍්‍රමාණය තව තවත් වැඩි වීමට නියමිත ය. මෙම වගාවන් මහා පරිමාණ කාර්මික වගා ක‍්‍රම භාවිත කරන, හරිතාගාර වායු නිපදවන්නට මහත් බලපෑමක් කරන එ්වා ය.

අද සුළු ගොවීන්ට හිමිව ඇත්තේ ලෝකයේ වගා බිම්වලින් 25%කටත් වඩා අඩුවෙනි. එහෙත් ලෝකයේ වැඩි ආහාර ප‍්‍රමාණයක් නිපදවන්නේ ඔවුන් විසිනි. කාර්මික නොවන රටවල ආහාරවලින් 80%ක් ම සුළු ගොවීන්ගේ නිෂ්පාදනයන් ය. ඇතැම් සුළු ගොවීන් ද තිරසර ගොවිතැන් ක‍්‍රමවලින් බැහැරව ඇති නමුත්, නැවත ඔවුන් තිරසර ක‍්‍රමවලට හරවා ගැනීමට රාජ්‍ය ප‍්‍රතිපත්තියකට පුළුවන. එබඳු ප‍්‍රතිපත්ති වෙනසකින් සහ ප‍්‍රාදේශීය මට්ටමේ වෙළඳ පළ ක‍්‍රමවේදයන් තුළින් ඉදිරි දශක කීපයක් තුළ හරිතාගාර වායු එක් කිරීම අඩකින් පමණ අඩු කර ගත හැකි වනු ඇත.

05. ව්‍යාජ ප‍්‍රතිකර්මවලට නො රැවටෙමු. ප‍්‍රායෝගික වෙමු.
දේශගුණ විපර්යාසයන් සඳහා ආහාර නිෂ්පාදන ක‍්‍රමවේදවල අහිතකර බලපෑම සහ සබඳතාව ගැන විවාදයක් නැත. දේශගුණ විපර්යාස ගැන මෑතක දී පවත්වන ලද බොහෝ ජාත්‍යන්තර සමුළුවල දී මේ සම්බන්ධව සාකච්ඡුා කොට, කරුණු ඉදිරිපත් කොට ඇත. එමෙන් ම දේශගුණ විපර්යාස විසින් ඉදිරි කාලයේ දී ආහාර නිෂ්පාදනයට කළ හැකි බලපෑම සහ ලෝක ආහාර අර්බුදයක ඉඩකඩ ගැන ද එකඟතාවන් ඇත. එසේ වුව ද මේ සියල්ලට ම හේතුකාරක වූ, දැනට අප ගිලගෙන ඇති කාර්මික කෘෂිකර්මය සහ වාණිජ රටාව වෙනස් කිරීමට කිසිදු ජාත්‍යන්තර සහ රාජ්‍ය මට්ටමේ කැපවීමක් ගැන අසන්නටවත් නැත. එ් වෙනුවට බහුජාතික සමාගම් සහ රාජ්‍යයන් විසින් පැලැස්තර විසඳුම් ඉදිරිපත් කරමින් සිටින බවක් පෙනේ.

දේශගුණ විපර්යාසවලට ගැළපෙන කෘෂිකර්මය එබඳු පැලැස්තරයකි. නියඟයට ඔරොත්තු දෙන අන්දමට ජාන වෙනස් කරන ලද බෝග වගාව තුළින් මෙම අර්බුදයෙන් ගොඩ එ්මට හැකි යයි තර්ක ඉදිරිපත් වෙයි. ඇත්ත වශයෙන් ම එය හරිත විප්ලවය වෙනත් නමකින් නැවත ඉදිරිපත් කිරීමකට සමාන ය.

එබඳු තවත් භයානක විසඳුමක් නම් මිහිතලයේ දේශගුණය කෘත‍්‍රිම ලෙස වෙනස් කිරීම ය. සූර්යාලෝකය පාලනය කිරීම, කෘත‍්‍රිම ගස් සහ සාගර වගාව තුළින් කාබන් ඩයොක්සයිඞ් වායුව ඉවත් කිරීම වැනි සමස්ත මිහිතලයට ම බලපාන විසඳුම් දැනට අත්හදා බලමින් ඇත. මෙහි සමස්ත ප‍්‍රතිඵලය මෙම මිහිතලය මිනිසාට වාසය සඳහා නුසුදුසු තැනක් බවට පත් වීම විය හැකි ය.

පෙට්‍රොලියම් වෙනුවට ජීව-ඉන්ධන නිෂ්පාදනය කර භාවිතයට පෙළඹවීම තවත් එබඳු කුමන්ත‍්‍රණයක් දැයි සිතේ. ජීව ඉන්ධන සඳහා භාවිත කරන්නට සිදු වන්නේ වගා බිම් බවට පෙරළිය හැකි ඉඩම් ය. ජීව ඉන්ධන ඉලක්ක ලබා දීම තුළින් සිදුව ඇත්තේ බොහෝ නොදියුණු රටවල කෘෂි ඉඩම් වෙනත් වගාවන් සඳහා ඩැහැ ගැනීම් ය.

කාබන් වෙළඳාම නමැති සංකල්පය තවත් එබඳු ව්‍යාජ විසඳුමකි. කාර්මික රටවල මහා පරිමාණ කාබන් ඩයොක්සයිඞ් නිකුත් කිරීම නැවැත්වීම වෙනුවට ගොවීන් විසින් ඉඩම්වල රඳවා ගන්නා කාබන්, මුදලකට හිලව් කිරිම කාබන් වෙළඳාම නම් වේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සුළු පරිමාණයේ ඉඩම් කෘෂිකර්ම කටයුතු වෙනුවට වන ගහනයන් බවටත්, රක්ෂිත බවටත් පත් කිරීමේ අවදානමක් මෙහි ඇත.

මහා පරිමාණ වාණිජ කෘෂිකර්මාන්තයන් සාධාරණීකරණය කොට එ්වා තව තවත් පවත්වා ගැනීම අරමුණු කොට ඇති මෙම ව්‍යාජ විසඳුම් තාමත් අප තේරුම් ගෙන නැත. දේශගුණ විපර්යාසයට බරපතළ බලපෑමක් කරන මහා පරිමාණ කාර්මික කෘෂිකර්මයට විසඳුමක් නො දී සුළු ගොවියා තව තවත් වගා බිම්වලින් ඉවත් කිරීම අපගේ පැරණි ප‍්‍රස්තාව පිරුළක් වන ‘පය බරවායට පිටිකර බේත් බැඳීම’ට සමාන නො වන්නේ ද?
නැවත නැවතත් අප අවධානය කරන්නේ අප රට තිබු තිරසර ගොවිතැන් ක‍්‍රම වෙනුවට හරිත විප්ලවය විසින් මෙරට ගොවියාට බලෙන් පටවන ලද තාක්ෂණය මිහිතලයේ ම විනාශයට හේතු වන බව දැන් ඔප්පු වී ඇති බව ය.

අනාගත පරපුර ගැන මෙයට වඩා අවධානයක් අප යොමු කළ යුතු නො වන්නේ ද?

මෙය ඔබට සිතන්නට කාලයයි.

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.



Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here