ආරුගම්බේ අවදානම ගැන පොලීසියෙන් ප්‍රකාශයක්!

0
7


පොතුවිල් සහ ආරුගම්බේ යන ප්‍රදේශ ඊශ්‍රායල ජාතික සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථාන හෙයින් ඔවුන් සර්ෆිං ක්‍රීඩාව සදහා එම ප්‍රදේශවලට පැමිණෙන නිසා ඒ සදහාඔවුන්ගේම වූ ස්ථානයක් (ගොඩනැගිල්ලක්එ) ම ප්‍රදේශයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ප්‍රහාරයක් එල්ල විය හැක්කේ එම ස්ථානය ඉලක්ක ගනිමින් බවට තොරතුරු ලැබී තිබුණු බව ඔහු කියාසිටියි.
කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් වැලැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කරයි.

මේ අතර විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අද පෙරවරුවේ අවධාරණය කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට නියමිත අතර එහි මූලික පියවරක් ලෙස ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව පිළිබඳ ඇතිවන ගැටලුවකදී 1997 දුරකථන අංකය වෙත දැනුම් දීමේ අවස්ථාව අද සිට සලසා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here