ආරවුල දුරදිග යයි, ජීවිත දෙකක් බිලි ගනී!

0
20


ඊයේ (15) ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදී 82 හැවිරිදි කාන්තාවක්ව සිය පුතා විසින් පහරදී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .

පුද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙලෙස තියුණු ආයුධයකින් පහරදී සිය මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන අතරතුරදී ඊයේ (15) උඩවලව – ගුරු මඩයාය ප්‍රදේශයේදී සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය වෙත දැනුම් දීඇත.

වයස අවුරුදු 54ක් වූ ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මෙසේ මියගොස් ඇති අතර ,මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව වාර්තා වේ

වැඩිදුර විමර්ශන, ගොඩකවෙල පොලිසිය සිදු කරනු ලබන බව පැවසේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here