ආන්දෝලනාත්මක ඇමෙරිකානු ජනාධිපති ආර්යාවෝ – Sri News

0
5

ඔබට මතක ඇති පහුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී එරට ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගන්නා ජනාධිපති ආර්යාවන් කීපදෙනෙක් ගැන තොරතුරු අපි ඔබ වෙතට ගෙන ආවා.

 

 

ඔන්න කාලෙකට පස්සේ අපිට හිතුනා මේ ආටිකල් එකටම සම්බන්ධ හැබැයි ඇමරිකානු ඉතිහාසය තුළ ආන්දෝලනාත්මක චරිත ලෙස හඳුන්වපු ඡනාධිපති ආර්යාවෝ ගැන ලිපියක් ඔබ වෙතට ගෙන එන්න.

 

ඇමෙරිකානු ඉතිහාස වාර්තා වල කියවෙන විදිහට 1785දී විතර රේචල් ඩොනල්සන් විසින් ඉඩම් හිමි වැවිලිකරුවකු වන ලුවිස් රොබර්ඩ්සන්ව විවාහ කරගන්නවා. නමුත් මේ විවාහයට වැඩි ආයුෂ පවතින්නේ නැහැ. ඉන් අනතුරුව රේචල්ව ඇන්ඩෘ ජැක්සන් විසින් විවාහ කර ගන්නවා. නමුත් මේ වන විටත් රේචල්ගේ පළමු විවාහය අවලංගුව තිබුණේ නැහැ. ඇන්ඩෲ ජැක්සන් ජනාධිපතිවරණ සටනට පිවිසෙන විට ඔවුන් දෙදෙනා යළිත් නීත්‍යානුකූලව විවාහව සිටියත් විරුද්ධවාදීන් විසින් දිගින් දිගටම රේචල් ජනාධිපති ආර්යාවකට සුදුසු චරිතයක් නැති තැනැත්තියක් බවට හංවඩු ගහනවා.

 

ඉතා ධනවත් ව්‍යාපාරික පවුලක උපත ලැබූ ජූලියා ටයිලර් සිය තරුණ වියේදී ඉතා සමාජශීලී තැනැත්තියක් වුණා. මේ නිසාම ඇය වරක් වියළි ආහාර ද්‍රව්‍ය සහ රෙදි වර්ග විකිණීමේ දැන්වීමක් සඳහා පෙනීසිටියා. මේ පිළිබඳව හෙළි වීමෙන් පසුව ඇගේ පවුලේ සියලු දෙනාම ඇයට එරෙහිව යුධ ප්‍රකාශ කර සිටියේ එය තම පවුලට සිදු කළ දරුණු අපහාසයක් ලෙසයි. ඉන් නොනැවතුණු ඔවුන් යුරෝපය වෙතට ඇයව පිටත් කළේ මෙම අපහාසය මඟ හරවා ගැනීමටයි. කෙසේ වෙතත් මේ චාරිකාවෙන් පසුව නැවතත් ඇමරිකාව වෙත පැමිනුණු ඇය ජෝන් ටයිලර් විවාහ කරගත්තා. ඔවුන් දෙදෙනා අතර පරතරය අවුරුදු 30 ක්.

 

ඇමරිකානු ඉතිහාසයේ වඩාත් චාම් ජානාධිපතිවරයෙකු ලෙස සැලකෙන ඒබ්‍රහම් ලින්කන් සහ ඔහුගේ බිරිඳ වූ මේරි ටොඩ් ලින්කන් අතර තිබුණේ අහසට පොළොව තරම් පරතරයක්. රට තුළ සිවිල් යුද්ධයක් පවතින අවස්ථාවේ පවා ඇය තම වියදම් අඩු කිරීමට සිතුවේ නෑ. ඇතැම් අවස්ථාවල ඇය සඳහා වෙන් කර තිබූ මුදල් වලටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇය විසින් වියදම් කිරීම නිසා ජනාධිපති මන්දිරයේ නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වුණා. එසේම ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාට ඇය පහර දුන් බවත් කුප්‍රකට කාරණයක්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here