ආදුරුප්පු වීදිය පොලිසිය තුළදී සැකකරුවන්ට සයනයිඩ් දෙන්න හැදූ 7ක් අත්අඩංගුවට

0
8

ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට සයනයිඩ් මිශ්‍ර ආහාර ලබා දී ඝාතනයට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රදවා සිටි දෙදෙනෙකුට සයනයිඩ් මිශ්‍ර කිරිපැකට් ලබාදී ඔවුන් ඝාතනය කිරීමට උත්සහ කළ බවට පසුගිය දා වාර්තා වුණා.

ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුයි මෙම සිර මැදිරියේ සගවා සිටියේ.

ඔවුන් අසලට පැමිණි පුද්ගලයෙකු අදාළ කිරිපැකට් ලබාදී ඇති බවයි හෙළිවුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණ කටයුතු පුළුල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ද පොලිසියට ඊයේ නියෝග කළා.

සැකකරුවන් හෙළි කර ගැනීම සදහා දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට ද ඇය අවසර ලබාදුන්නා.

මේ අතරතුරයි අද දිනයේ දී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ. ඒ ගම්පොළ ගලහ ප්‍රදේශයේ නිවසක රැදි සිටියදීයි.

 

 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here