ආණ්ඩුවේ සිටින දියුණුම ඇමති විජේදාසයි.. ඔහු හා එක්ව එජාප විරෝධී ආණ්ඩුවක් හදනවා..

0
9

ආණ්ඩුවේ සිටින දියුණුම අමාත්‍යවරයා වන විජයදාස රාජපක්ෂ මහතා සමග එක්ව එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ නම් විකාර වැඩ නවතා එම එජාප විරෝධී ආණ්ඩුවට ගොඩනැගීමට එක්වන ලෙස ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

තම පක්‍ෂයේ හතර දෙනකුට එක්ව විධායක සභා කැඳවීමට හෝ නිලතල බෙදා ගැනීමට හෝ හැකියාවක් නැති බවද පැවසූ ඔහු ආණ්ඩුවේ සිටින ඇමතිවරුන්ට ඉන් ඉවත්ව එළියට බහින ලෙස දැනුම් දී ඇති බව ද කියා සිටියේය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here