Home ගොසිප් පුවත් ආච්චිගේ මෙට්ටය යට තිබූ ලක්ෂ 15 සොරකම් කළ ජාත්‍යන්තර පාසලේ 14 සිසුවා...

ආච්චිගේ මෙට්ටය යට තිබූ ලක්ෂ 15 සොරකම් කළ ජාත්‍යන්තර පාසලේ 14 සිසුවා අත්අඩංගුවට

0
4


The-14-year-old-student-of-the-international-school-who-stole-15-lakhs-from-his-grandmothers-mattress-was-arrested

සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සඟවා තිබූ රුපි­යල් ලක්ෂ පහළොවක මුද­ලක් හා ලැප්ටොප් පරිගණකයක් සොර­කම් කළ ජාත්‍ය­න්තර පාස­ලක ඉගෙ­නුම ලබන 14 හැවි­රිදි පාසල් සිසු­වෙකු (08) අත්අ­ඩං­ගු­වට ගත් බව දොඩන්­ගොඩ පොලි­සිය පව­සයි. මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ දොඩං­ගොඩ, පැපි­ලි­ය­වල ප්‍රදේ­ශයේ පදිංචි 14 හැවි­රිදි පාසල් සිසු­වෙකු බව පොලි­සිය කීය.
දොඩං­ගොඩ මිනු­ව­න්දෙ­ණිය ප්‍රදේ­ශයේ පදිංචි රබර් කිරි ව්‍යාපා­ර­යක නියැ­ළෙන කාන්තා­වක විසින් කළ පැමි­ණි­ල්ලක් මත සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය සඳ­හන් කරයි.

අත්අ­ඩං­ගු­වට ගෙන ඇති පාසල් සිසුවා පැමි­ණි­ලි­කාර කාන්තා­වගේ මුනු­බු­රෙකු බව ද ඔහු ද එම නි‍ෙව­සට කිට්ටුව පදිං­චිව සිටින අයකු බව ද පොලි­සිය සඳ­හන් කරයි.
පැමි­ණි­ලි­කාර කාන්තාව පසු­ගිය 01 දා නිවසේ දොර­ගුළු වසා­දමා රබර් කිරි ව්‍යාපා­රික කට­යුතු සඳහා පිටව ගොස් නැවත පැමි­ණෙන විට නිවසේ දොරක් විවෘත කර තිබී ඇති අතර, ඒ අනුව නිදන මෙට්ටය යට සඟවා තිබූ රුපි­යල් ලක්ෂ 15 ක මුදල සොයා­බැ­ලී­මේදී එය නොතිබූ බව­ටත් පැමි­ණිල්ලේ සට­හන්ව ඇතැයි වැට­ලී­මට එක්වූ නිල­ධා­රි­යෙක් කීය. ඒ අනුව පොලිස් පරී­ක්ෂක ප්‍රසාද් සිරි­ව­ර්ධන මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් සිදු­කළ දීර්ඝ විම­ර්ශ­න­ව­ලින් පසු මෙසේ සොර­කම් කරන ලද රුපි­යල් ලක්ෂ පහ­ළො­වක මුදල පයා­ගල පොතු­විල ප්‍රදේ­ශයේ ඥාතීන් නිවසේ පිටු­පස කෙසෙල් පඳු­රක් ආසන්නේ වල­දමා තිබි­යදී සොයා ගත් අතර ලැප්ටොප් පරි­ග­ණ­කය එම නිව­සේම ළිඳ තුළට දමා තිබි­යදී පොලි­සිය විසින් සොයා ගන්නා ලදී.

සැක­කරු මතු­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි. ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ප්‍රසාද් සිරි­ව­ර්ධන මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අප­රාධ අංශ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ගුණ­ව­ර්ධන, සැර­ය­න්ව­රුන් වන කිත්සිරි දිසා­නා­යක (44702), කුමාර (12732) කොස්තා­පල් නිරෝ­ෂන් (81390) යන නිල­ධා­රීන් වැට­ලී­මට එක්වූහ. 

සුමිත් ප්‍රේම­ති­ලක, කවිඳු සම­ර­වීර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here