අහුංගල්ල වෙඩි තැබීම ගැන පුළුල් විමර්ශන – Sri News උණුසුම් පුවත්

0
4

අහුංගල්ල මරදාන ප්‍රදේශයේ දී  පුද්ගලයෙකු ඊයේ රාත්‍රි යේ වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඊයේ රාත්‍රි 7.45ට පමණ නිවසකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම නිවසේ සිටි අයෙකුට වෙඩි තබා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ අය බලපිටිය රෝහලට ඇතුළත් කිරීමත් සමඟ මියගියා.

ඔහු පෙදරේරුවෙකු බවයි වාර්තා වන්නේ.

පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මියගිය ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කෙරුණා.

මීට දින කිහිපයකට පෙර අහුංගල්ල බෝගහපිටිය , ලෝකන් වත්ත ප්‍රදේශයේ දී ද වෙඩි තැබීමක් සිදුවුණා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here