අහුංගල්ලේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගැනේ – Sri News දේශීය පුවත්

0
7

පෙරේදා රාත්‍රියේ අහුංගල්ල, බෝගහපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීම සදහා තුවක්කුකරුවන් පැමීණි බවට සැකකෙරෙන යතුරු පැදියක් කොස්ගොඩදී අත්අඩංගුවට ගැනුනා.

කොස්ගොඩ, බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුදු ඉඩමක ගිනි තබා තිබියදී මෙම යතුරු පැදිය සොයාගෙන තිබෙනවා.

ගිනි තැබීමෙන් යතුරුපැදිය මුළුමනින්ම විනාශ වී ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

වෙඩි තැබීම සදහා පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබෙනවා.

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here