Google search engine
Home ගොසිප් පුවත් අස­නීප නිවාඩු දැමූ බන්ධ­නා­ගාර නියා­මක සැක සහිත 'ටික් ටොක්' වීඩි­යෝ­වක

අස­නීප නිවාඩු දැමූ බන්ධ­නා­ගාර නියා­මක සැක සහිත 'ටික් ටොක්' වීඩි­යෝ­වක

0
14

prison-officer-fake-act

පාදයේ ආබා­ධ­යක් නිසා අසා­ධ්‍යව සේව­යට වාර්තා කිරී­මට අප­හසු බව දන්වා මාස ගණ­නා­වක් අස­නීප නිවාඩු ඉල්ලුම් කළ බන්ධ­නා­ගාර නියා­ම­ක­ව­ර­යකු ලෙඩුන් සුව කරන්නේ යැයි ප්‍රචා­රය කරන, දැනට ඇප මත මුදා හැර සිටින දේව­ගැ­ති­ව­ර­ය­කුගේ සුව මෙහෙ­ය­කදී අදාළ දේව­ගැ­ති­ව­ර­යාගේ පෞද්ග­ලික ආර­ක්ෂ­ක­යකු ලෙස වේදි­කා­ව­කින් මතු­වීමේ සිද්ධි­යක් පිළි­බඳ බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පරී­ක්ෂණ ආරම්භ කර ඇත.

 කොළඹ බන්ධ­නා­ගා­ර­යක සේවය කරන මෙම නියා­ම­ක­ව­රයා පසු­ගිය ජන­වාරි මස දෙවැනි සති­යෙන් පසු ඊයේ (19) වන­තෙක් රාජ­කා­රි­යට වාර්තා කර නැති අතර

ඔහු විසින් දිගින් දිග­ටම වෛද්‍ය­ව­රු­න්ගෙන් ලබා ගත්තේ යැයි කියන ප්‍රති­කාර සඳ­හන් කර­මින් අස­නීප නිවාඩු ඉල්ලුම් කර තිබිණි. පාදයේ ආබා­ධය නිසා ඇවි­දීමේ අප­හ­සුතා මතුව ඇති බවත් රාජ­කා­රි­යට පැමි­ණිය ද කට­යුතු කිරී­මට තම අස­නීප තත්ත්වය බාධා­වක් බවත් ඔහු පවසා ඇත. ඒ අත­රම, රජයේ සේව­ක­යන්ට හිමි වන අවු­රුදු 05ක නිවා­ඩුව ද ඔහු විසින් බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වෙන් අය­දුම් කර තිබුණ ද
 
 ඒ සඳහා අව­සර හිමි වී නොති­බිණි. එසේ නිවාඩු අනු­මත නොවූ නිසා අදාළ බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­රයා මෙම නියා­ම­ක­ව­රයා ලිපි­යක් මඟින් දැනුම් දී ඇත්තේ වහාම සේව­යට වාර්තා කරන ලෙසයි. එහෙත් ඔහු විසින් දිගින් දිග­ටම අස­නීප නිවාඩු ඉල්ලා දැනුම් දී ඇත්තේ තමා පාදයේ ආබා­ධ­ය­කින් පෙළෙ­මින් අසනී බව කියා ප්‍රති­කාර ලබන බවයි. මෙසේ පාදයේ ආබා­ධ­ය­කින් පසු­වන්නේ යැයි මාස 04ක පමණ කාල­යක් තිස්සේ සඳ­හන් නියා­ම­ක­ව­රයා පසු­ගිය දිනක, දැනට ඇප මත සිටින දේව­ගැ­ති­ව­ර­ය­කුගේ ලෙඩ සුව මෙහෙ­ය­කට ඒම දේව­ගැ­ති­ව­ර­යාගේ පෞද්ග­ලික ආර­ක්ෂ­ක­යකු ලෙස කළු කලි­ස­මක් සහ එය­ටම ගැළ­පෙන කබා­යක් (coat) ඇඳ ඔහු පිටු­ප­සින් ඉතා වේග­යෙන් පඩි පෙළ බසි­මින් දිව යන ආකා­රය දැක්වෙන ‘ටික් ටොක්’ වීඩි­යෝ­වක් සමාජ මාධ්‍ය වෙතින් බන්ධ­නා­ගාර බල­ධා­රීන්ට දැක ගැනී­මට හැකි වී තිබේ.
 
 
 මේ පිළි­බඳ බන්ධ­නා­ගාර බල­ධා­රීන් විම­සි­ලි­මත්ව යළි යළිත් එම වීඩි­යෝව නැර­ඹී­මේදී තහ­වුරු වී ඇත්තේ ඒ අදාළ නියා­ම­ක­ව­ර­යාම බවයි. වහාම ක්‍රියා­ත්මක වූ බන්ධ­නා­ගාර බල­ධා­රීන් මෙම නියා­ම­ක­ව­ර­යාට එරෙ­හිව

ඔහු සේවයේ නිර­තව සිටි බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇති අතර ඔහුගේ නිවෙ­සට ගොස් සේව­යට නොපැ­මි­ණීම සහ අදාළ සිද්ධි පිළි­බඳ පෙරේදා (18) ප්‍රකා­ශ­යක් ලබා­ගෙන ඇත. එහිදී ද ඔහු පවසා ඇත්තේ තමන් පාදයේ ආබා­ධ­යක් නිසා සේවයේ යෙදී­මට අප­හසු බැවින් අස­නීප නිවාඩු ඉල්ලුම් කළ බවයි. එහිදී ප්‍රකාශ සට­හන් කර ගැනී­මට ගිය බන්ධ­නා­ගාර නිල­ධා­රියා ද විම­ති­යෙන් ප්‍රශ්න කර ඇත්තේ පාදයේ ආබා­ධ­යක් ඇත්තේ නම් ‘ටයි කෝට්’ පැලඳ කිසිදු අප­හ­සු­තා­වක් පෙන්නුම් නොකර අදාළ දේව­ගැ­ති­ව­රයා සමඟ ඉතා වේග­යෙන් පඩි­පෙළ බැස යෑම විස්මිත බවයි. අදාළ නියා­ම­ක­ව­ර­යාගේ ප්‍රකාශ මෙන්ම ඔහු සම්බන්ධ ‘ටික් ටොක්’ වීඩි­යෝව ද සැල­කි­ල්ලට ගනි­මින් ඔහු පිළි­බඳ බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට නිය­මි­තය.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here