අලුත් යෝජනාව එවන්න ලංවිම මහජන උපයෝහිතා කොමිසමෙන් තවත් සති දෙකක් ඉල්ලලා!

0
22


ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් මීට දින 45කට පමණ පෙර ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ නමුත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය වී තිබුණේ එම ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව නව යෝජනාවක් එවීම සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට සති දෙකක කාලයක් ලබා දී තිබෙන අතර එය පසුගිය 08 වැනිදායින් අවසන් වූ නමුත් නව යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකි වීම මත තවත් සති දෙකක කාලයක් ඒ සඳහා ලබා ගෙන තිබුණි.

එම කාලයද ඊයේ අවසන් වූ අතර අදාළ යෝජනාව සකස් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය තවත් සති දෙකක කාලයක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

මේ අතර මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජිතයින් හමුවී පසුගිය 21 වැනිදා සාකච්ජාවක් ද පවත්වා තිබුණි.

විදුලි ගාස්තු සංශෝධනය ඇතුළු ආයතන ක්‍රියාපටිපාටිය ගැන එහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්.

විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන නව යෝජනාවලිය සැකසීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් ගැනීමටද නියමිතව තිබුණි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here