අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට කට්ටියට හැදෙන පිස්සු – Sri News

0
3

අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දකුත් ඇවිල්ලා ඉතින්. එහෙ බලල මෙහෙ බලනකොට 2019 අවුරුද්ද ඉවර වෙලා. ඔය කොයි අවුරුද්දත් ඉවරවෙනකොට පොදුවේ හිතෙන කාරණාවක් තමයි පහුගිය අවුරුදු වලින් වේගෙන්ම ගතවුණ අවුරුද්ද තමා මේ ගෙවුණ අවුරුද්ද කියන එක. ඉතින් 2019 ගැනත් කට්ටියට එහෙම හිතෙනව ඇති අනිවාර්‍යෙන්ම. කොහොම උණත් ඔය කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ්ස් තියෙනව නේද? මේ දෙසැම්බර් සීසන් එකට එහෙමත් නැත්තම් ජනවාරි අලුත් අවුරුද්දටත් මතුවෙන ට්‍රෙන්ඩ්ස් එහෙම නැත්තම් තේරෙන සිංහලෙන් කිව්වොත් කට්ටියගෙ ඔළුවට ගහන එක එක පිස්සු තියෙනවනේ. අන්න ඒවා ගැනයි මේ.

 

 

 

අවුරුද්දටත් කලින් දෙසැම්බර් මාසෙ පටන් ගත්ත ගමන් ඔන්න කට්ටිය දුවනව ශොපින්. ඇඳුම් ගන්න තමා වැඩිම හරිය. සේල් කියයි, ඩිස්කවුන්ට් කියයි. කොහොම හරි රටේ මිනිස්සුන්ගෙන් බාගයක් මේ කාලෙට ඇඳුම් කඩවල් අස්සෙ. මේ ලෝකෙ අවසාන ඇඳුම් ගැනිල්ල වගේ ඇඳුම් තෝරන එක තමා ලොකුම වැඩේ මේ කාලෙට. ලඟ ලඟ ඇඳුම් කඩවල් තියෙන ටවුන් වල පාරෙ පයින් යන්නත් ට්‍රැෆික් ඉතින්. ඒ තරමටම ඇඳුම් පිස්සුව තද වෙන කාලයක්. හැබැයි මෙහෙම අවුරුද්දේ අන්තිම මහා හදිස්සියකින් ඇඳුම් ගනිද්දී හුඟක්ම බාල ඇඳුම් වලට එහෙම අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. කඩකාරයෝ උණත් බලන්නෙ සේල් ප්‍රයිස් එකක් දාල විකුණගන්න අමාරු ඒව අපේ ඇඟේ ගහන්නනේ. ඒ ගැන අවධානය නොදී ෂොපින් ක​ළොත්නම් සොරිම තමයි ඉතින්

 

 

ඔන්න අවුරුද්දක් වැඩ කරපුවට සන්තෝසම් ගන්න සේවකයො කට ඇරන් බලන් ඉන්න කාලෙ. හාම්පුත්තුන්‍ට තරු පේන කාලෙ. කට්ටියම තමන්ට හිමි බෝනස් එක ගන්න කම්පැණියෙ ලාභ පාඩු නූලට ගණන් හදාගෙන දත මැදගෙන බලන් ඉන්නෙ මේ කාලෙට. කොහොම උණත් අවුරුද්දක් තිස්සෙ යන්තම් පඩිය පිරිමහගෙන ජීවිතේ ගැටගහගත්ත සේවකයො හිතේ හැටියට ඇඳුමක් ගන්න, බඩුවක් මූට්ටුවක් ගන්න බලන් ඉන්නෙ මේ බෝනස් එක හම්බ වෙනකං තමයි.  හැබැයි අන්තිම වෙනකන් ඉඳලා මෙදා පාර බෝනස් නෑ කිව්වොත් තමයි බොසාගේ දෙමවුපියෝ මතක් කරන්නේ.

 

 

ඔන්න තවත් පිස්සුවක්. යන යන කඩෙන් ඩයරි කැලැන්ඩර් ඉල්ලන් පස්සෙන් යන එක එක කට්ටියකගෙ ප්‍රියතම වැඩේ තමයි මේ කාලෙට. කොච්චර හම්බුණත් මදි ඉතින්. දකින දකින එක්කෙනාගෙන අහන්නෙ ඩයරියක්, කැලැන්ඩරයක් නැද්ද කියල. ඔෆිස් වල කැලැන්ඩර් ඩයරි දෙනව වගේම හැමෝම අතරේ කැලැන්ඩර්, ඩයරි, නෝට්බුක් හුවමාරු වෙනවා. ඉස්කෝලෙ යන පුංචි ළමයින්ට අලුත් අච්චු පොත් හම්බුනාම වගේ සතුටක් වැඩිහිටියො මේ ඩයරි, කැලැන්ඩර් ලැබුණම විඳිනවදෝ කියලත් හිතෙනව.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here