අලු‍ත් අම්මා කෙනෙක්ට අතිශයින් ප්‍රයෝජනවත් වෙන පුංචි පුංචි කරුණු 10ක් – Sri News

0
3

මව් පදවිය කියන්නේ කාන්තාවකගේ ලොකු හීනයක් වගේම ලොකු අභියෝගයක් කිව්වොත් වැරදි නෑ. අලු‍තින් පැටියෙක් කැදැල්ලට එකතු වුනාම අලු‍ත් අම්මාගේ ලෝකේ එහෙම් පිටින්ම අලු‍ත් වෙනවා. ශාරීරික වගේම මානසිකවත් ලොකු වෙනසක් ඇති කරන උතුම් මව් පදවිය ලැබූ පසු අලු‍ත් පැටියාගෙයි ගෙදර දොරේ වැඩ කටයුතුයි, තමන්ගේ වැඩ කටයුතුයි මේ ඔක්කොම එක්ක ගෙවෙන මුල් කාලය ඇත්තටම අලු‍ත් අම්මා කෙනෙකුට විශාල අභියෝගයක්.

චූටි පැටියා එක්ක ගෙවෙන මුල් කාලයේ වැඩ කටයුතු මදක් හෝ ලෙහෙසි කරගන්න පුළුවන්නම් ඒක අලු‍ත් අම්මා කෙනෙක්ට ලොකු සහනයක්. ඉතින් අද මේ කතා කරන පුංචි පුංචි දේවල් දැනගෙන ඉන්න එකත් අලු‍ත් අම්මාගේ අලු‍ත් ජීවිතයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.

 

මීක් කියලා සද්දයක් නැති පරිසරයකට දරුවා හුරු කරගත්තොත් අම්මා වැටෙන්නේ ලොකු කරදරේක. පුංචි ශබ්දෙටත් පැටියා ඇහැරිලා අඬන්න ගනීවි. ඒ නිසා මුල ඉඳලාම පැටියා අවට සද්ද බද්ද එක්කම නිදාගන්න හුරු කරන්න. කටහඬවල්, රූපවාහිනියේ ශබ්ද වගේ නිතර දෙවේලේ නිවසේ ඇහෙන ශබ්ද ඇහෙද්දිම දිනක් දෙකක් නිදි කරවන්න. මුලදි ටිකක් ඇඬුවත් දරුවා එයට හුරු වේවි.

 

ලංකාවේ පුංචි පැටවුන්ට ඉපදිලා කාලයක් යනකන් ගොඩාක් වෙලාවට අම්මලා අන්දන්නේ නැප්කින් වලින් හදපු කලිසමක්නේ. අලු‍ත් බබාලා දවසට කීප සැරයක්ම කක්කි චූ දාන නිසා අම්මලා නැප්කින් ටිකක් එකතු උනාට පස්සෙ තමයි ඒවා සෝදන්නේ. ඉතින් අලු‍ත් අම්මාට මේ වැඩේ තවත් ලේසි වෙන විදිහක් තමයි කක්කි රෙදි වෙනම භාජනයකටයි චූ රෙදි වෙනම භාජනයකටයි දාන එක. හැබැයි විෂබීජ ඇතිවෙන නිසා මෙහෙම ගොඩාක් වෙලා තියන්න එපා. වතුර ටිකක් පිරුණු භාජනයකට දාන එක තවත් හොඳයි. මෙහෙම වෙන්කර ගත්තාම අම්මාට පුළුවන් කක්කි රෙදි ටිකේ කක්කි ටික අනෙක් රෙදි වල නොගෑවීම ඉවත් කරගන්න.

 

අලු‍ත් පැටියා මොන වෙලාවේ නිදා ගනීද මොන වෙලාවේ ඇහැරලා ඉඳීද කියලා කියන්න බෑනේ. චූටි පැටියෙක්ව බිහිකරපු අම්මාගේ ශරීරයටත් පැටියාට වගේම සැලකිල්ලක් අවශ්‍ය මොහොතක් මේ. පැටියාව රැක බලාගන්න නම් අම්මාත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න ඕනනේ. නින්ද කියන්නේ අලු‍ත් අම්මාට අත්‍යාවශ්‍ය දෙයක්.  ඉතින් පැටියා නිදි අතරේ අම්මාත් හොඳ නින්දක් ලබා ගන්න එක ඉතාම වැදගත්.

 

පැටියා එන්න කලින් ගෙවුන කාලේ වගේ නෙමෙයි, දැන් ඔබට කාගෙන් හරි ලැබෙන සහයෝගය හරිම වැදගත්. ඉතින් සුවදුක් බැලීමට නිවසට එන කෙනෙක් උනත් ඔබට පුංචි හෝ සහයෝගයක් දෙන්න සූදානම් නම් එය ලබාගැනීමට මැලි වෙන්න එපා. උදාහරණයක් විදිහට අපි හිතමු පැටියාගේ පුංචි රෙදි ටික අයන් කරලා දෙන්න ඔබේ යෙහෙළියක් කැමැත්ත පළකළා කියලා. ඒ උදව්ව අරගන්න. ඇයට එය සිදුවිය යුතු ආකාරය කියා ඔබ ඇය සමඟ කතාබහ කරමින් විවේකයක් ගන්න.

 

චූටි පැටියෙක් ගෙදරට ආවාම පැටියා බලන්න කට්ටිය එන්නේ වැල නොකැඩී. සමහරු යුතුකමක් විදිහට මේක කළත්, ඇත්තටම මුල් කාලෙම මේ විදිහට බේබි විසිට් එන එක අලු‍ත් අම්මාටයි බබාටයි දෙන්නාටම කරදරයිනෙ. ඉතින් කලින් දන්වලා එන අයගේ පැමිණීම ඔවුන්ගේ හිත් නොරිදෙන විදිහට කල් දමාගන්න උත්සහ කරන්න.

 

පෝෂ්‍යදායී ආහාර ගැනීම මව් පදවිය ලැබූ කාන්තාවක් සඳහා අත්‍යාවශ්‍ය වූවක්. ශල්‍යකර්මයකින් පසුව හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියකට පසුව නිදි නොමැති රැයවල් ගණනාවක් නව මවකට ගෙවන්නට සිදු වේවි. දරුවාගේ නිසි පෝෂණයට දරුවාට ප්‍රමාණවත් ලෙස මව් කිරි දීමට අවශ්‍යයි. ඒ වගේමයි මුලින්ම මව් පදවිය ලැබූ කාන්තාවකගේ මුල් මාස කිහිපය ගෙවෙන්නේ ඉතාම හැඟු‍ම්බර විදිහේ සිතිවිලි සමූහයක් එක්ක. මේ සියල්ල උසුලා දරාගැනීමට සැබෑ ශක්තිජනක ආහාර වලින් ශරීරයට ඉන්ධන සැපයීම ඉතාම වැදගත්. ඉතින් මේ ගැන අමතක කරලා අනෙක් කටයුතු සඳහා පමණක් උනන්දු වුනොත්  ඉන් දුර්වල වෙන්නේ ඔබම බව මතක තබා ගන්න. පොඩි බඩගින්නක් වුවත් මඟ නොහරින්න ඔබේ ශීතකරණය තුළ පෝෂ්‍යදායී ආහාර බහුලව තබා ගැනීමට වග බලා ගන්න. හොඳින් ජලය පානය කරන්න.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here