අලි රංචුවක් පැන ගමක් වනසති.. පවුල් 300ක් පීඩාවට..

0
19

කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොලුත්තුපුලව් ගම්මානයට කඩා වැදුනු වන අලි රංචුවක් විසින් පොල් කෙසෙල් ඇතුලු වගාවන් රැසක් විනාශ කොට ඇතැයි ගම්වාසීන් ප්‍රකාශ කර සිටිති.

කොලුත්තුපුලව් ගම්මානයට එකවරම වනඅලි රංචුවක් කඩා වැදීමත් සමග ගම්වාසීන් ආරක්ෂිත ස්ථාන වෙතට දිව ගොස් ඇති අතර පසුව වන අලි රංචුව විසින් පොල් ගස්, කෙසෙල් ගස් මෙන්ම ඒලවලු වගාවන් විශාල ප්‍රමාණයකට හානි කොට සම්පූරණයෙන්ම විනාශ කොට පලා ගොස් ඇත.

වනඅලින් විසින් පොල් ගස් සහ කෙසෙල් ගස් බිම හෙලීම හේතුවෙන් පොල්, කෙසෙල් සහ වට්ටක්කා වැනි වගාවන් විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇති අතරම මේ හේතුවෙන් ගෙවතු ප්‍රදේශයේ පවුල් 300 කට ආසන්න ප්‍රමාණයක් දැඩි සේ අසරණව සිටිති.

වනඅලින් ගම්වැදීම හේතුවෙන් පොල් වගාවන් මෙන්ම ගොවිතැන් කටයුතු වලටද දැඩි බාධාවක් හේතුවෙන් වන අලි ගම්වැදීම වහාම නවතා අලිවැටක් ඉදිකර දෙන ලෙසටද ප්‍රදේශවාසී ජනතාව විසින් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here