අරගලදා මහා පාරේ මරා දැමූ මන්ත‍්‍රී ආරක්‍ෂකගේ සමරුව අරගල දෙවසරදා කඩා දමයි..

0
5

2022 මැයි 09 වන දින අරගලයේ උපරිම දා මහ මගදී වදහිංසාවට ලක්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන යන අය ඝාතනයට ලක්වී ඊයේ දිනට වසර 02 ක් සම්පුර්ණ විය.

එම ඝාතනයට වසර 02 ක් සපිරෙන දිනයේ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිළධාරියාගේ නමින් සවිකර තිබු මාර්ග පුවරුව කඩාකප්පල්කාරී පිරිසක් විසින් කඩා ඉවත් කර තිබින.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිද විසින් පොලිස්පතිවරයා වෙත දුරකථන ඇමතුමකින් දැනුම්දීමෙන් පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශනක් ආරම්භ කර ඇත.

එම පුවරුව නැවත සකස් කිරීමටද පියවර ගෙන තිබේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here