අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 7ක් – Sri News දේශීය පුවත්

0
9

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් හතලිස් හතරදහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම වැසි තත්ත්වයේ වැඩි වීමක් ද සිදුව තිබෙනවා.

අද දිනයේද මුහුදු ගමන්වලින් වලකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කෙරෙනවා.

අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් දෙයියන්දර රන්සෑගොඩ උතුර ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එම නිවසට සම්පූර්ණයෙන්ම හානි සිදුවුනා. අනතුර සිදුවන අවස්ථාවේ පියා හා පුතා එම නිවසේ සිට ඇති අතර එම දෙදෙනා සුළු තුවාල ලැබුවා.

අත්තනගලු ඔයේ දුනුමාල, ජල මාපකයට අනුව අත්තනගලු ඔයේ ජල මට්ටම ද වැඩි වී තිබෙනවා. ඒ හේතුවෙන් වාරණ කහටෝවිට,  තිහාරිය ආදී ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී තිබෙනවා.

අධික සුළං හේතුවෙන් ගසක් කඩා වැටීමෙන් වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතුවුණා. වෙළෙදසැල් දෙකකට ද හානි සිදුව තිබෙනවා.

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. එයින් ජලය තත්පරයට ඝන අඩි දාහතර දහස බැගින් නිකුත් කෙරෙනවා. ජලාශයට පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටයි කුරුණෑගල ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.

දියතලාව,  ගල්කන්ද ප්‍රදේශයේ ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට බාධා මතුවුණා. දුරකතන හා විදුලි කණුවලට මෙන්ම රැහැන්වලට ද හානි සිදුව තිබෙනවා.

කාසල්රී සහ මාවුස්සා කැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබෙමින් පවතිනවා. මේ හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම සීඝ්‍ර යෙන් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

අකුරැස්ස දෙණියාය මාර්ගයේ කොස්නිල්ගොඩ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා කාර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ත්‍රීරෝද රථයේ හතර දෙනෙකු ගමන් කර තිබෙනවා. මෝටර් රථයේ සිටි පිරිසට ද  තුවාල සිදුව නැහැ.

අධික වර්ෂාවත් සමග වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහල මිටියාවතේ ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතිනවා. ඒ අනුව ස්මයිල්පුරම් රෙඩ්බානා ගම්මානය වෙත දිවෙන ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින්ම ජලයෙන් යටවී පවතිනවා. එමෙන්ම මෙම ප්‍රදේශයේ ඇති ඉස්සන් ගොවිපොල සියයකට පමණ ජල ගැල්මෙන් හානි සිදුවුණා.

කදපොල හයිෆරස් වතුයායේ මහවැලි කොටසේ නිවාස 3ක්මතට විශාල ගසක් කඩා වැටීමෙන් දැඩි හානි සිදුවුණා. සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

The post අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 7ක් appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here