අමුතු ගතිගුණ නිසා හෝටල් වලින් කොන්වන ඉන්දියානුවෝ – Sri News

0
4

හෝටලයකට ගියාම අපි අපිටම කියලා ස්පේස් එකක් වෙන් කරගන්නවා. ඒක කාමරයක්, අපාට්මන්ට් එකක් හෝ විලා එකක් වන්නට පුළුවන්. ඒත් හෝටලයේදී කෑම කද්දි, පීනද්දි සහ වෙනත් ඇක්ටිවිටි වලට සහභාගී වෙද්දි පොදුවේ අනෙක් සංචාරකයින් එක්ක කටයුතු කරන්නට වෙනවා. ඉන්දියානුවන් ඇතැමෙක්ට හොඳට සල්ලි තියෙනවා. ඒ උනත් සමහර අවස්ථාවල ඉන්දියානුවන්ට හෝටල කාමර දෙන්න ඇතැම් දියුණු රටවල පවා හෝටල අදිමදි කරනවා.

 

හෝටල වලට ගියාම බුෆේ එකෙන් බඩ උල් වෙනකල් කෑම කනවා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් නිවීසැනසිල්ලේ වාඩිවෙලා පැයක් හමාරක් බුෆේ එකෙන් කන බොන උදවියත් ඉන්නවා. බොහෝ තැන්වල බුෆේ එකෙන් බඩ පිරෙනකල් බැරිනම් උතුරලා යනකල් කෑවත් කිසිම අවුලක් නැහැ. ඒත් ඉන්දියානුවෝ සමහරක් අය මේ බුෆේ එකෙන් කෑම පැක් කරගෙන යන්න උත්සාහ කරනවා. උදේ දාන බුෆේ එකෙන් දවල්ටත්, දවල් බුෆේ එකෙන් හවසට කන්නත් ලන්ච් ශීට් වලට සහ බඳුන් වලට කෑම අරගෙන යන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒ වාගේ තත්ත්වයක් වාර්තා වීමත් එක්ක එක් ස්විස් හෝටලයක් ඉන්දියානුවන්ට බුෆේ එක ගැන විශේෂ දැන්වීමක් දාන්න ක්‍රියාකරලා තිබුනා. ඉන්දියානුවන්ට කළ මේ විශේෂ සැලකීම ගැන ඇතැම් ඉන්දියානුවන් නම් විරෝධය පළකරලා තිබුනා.

 

සමහර ඉන්දියානුවෝ වෙඩින් තමුන්ගේ රටේ නැතුව වෙනත් රටකදි ගන්න ආසයි. එතනදි ලංකාවත් ඔවුන්ගේ හොඳ වෙඩින් ගන්න තැනක්. ලොකු හෝල් තියෙන, කාමර පහසුව තියෙන තැන්වල ඉන්දියානුවන් තමුන්ගේ කෑම බීම, රස කැවිලි, සිරිත් විරිත් ඔක්කොම එක්ක වෙඩින් එක ලොකුවට ගන්නවා. මෙහෙම එන ඉන්දියානුවෝ නිසා වෙනත් බටහිර රටවල සංචාරකයින් අපහසුතාවට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ එන ඉන්දියානුවෝ හෝටල් වල නැවතුනාම මහ සද්දෙන් ගෙවල්වල වගේ හැසිරෙනවා. ඇරත් ඔවුන්ගේ උත්සව අවස්ථා නිසා හෝටලයේ ලැගුම් ගන්නා වෙනත් සංචාරකයින්ට නිවීහැනහිල්ලේ නිවාඩුව ගත කරන්නට ලැබෙන්නෙත් නැහැ. මුදල් ඇති ධනවත් ඉන්දියානුවන් වෙඩින් වලට ලංකාව තෝරාගත්තත්, ඔවුන්ගෙන් හෝටලය පාවිච්චි කරන අනෙක් සංචාරකයින්ට වෙන හිරිහැරය ලංකාවෙ හෝටල වලටත් ගැටළුවක් වෙලා තියෙනවා.

 

ඉන්දියන්, චීන සහ ආසියානුවන් සද්දෙන් කතාවට සහ බාධාකාරී සමාජ හැසිරීම් දැක්වීමට බොහොම කැමතියි. දකින දකින කුඩා දේ පවා පොටෝ ගැසීම, ඉන් පස්සේ විවිධ ඇක්ෂන් දමමින් සෙල්ෆි ගැනීම ආදී දේ චීන සහ ඉන්දියානු සංචාරකයෝ අතර සුලභයි. ඒ වගේම එකතු වුනාට පස්සේ තමුන්ගේ බාසාවෙන් කරන කතා බහ, විහිළු තහළු ආදියත් ඉන්දියානු සංචාරකයින් අතර සුලභයි. අනුන්ට කරදරයක් නැතිව කුමක් කරගත්තත් බටහිර සංචාරකයින්ට අවුලක් නැහැ. ඒත් නුවමනා විදිහට සද්දේ දාගෙන, තියෙන නිහඬභාවයම විනාස කරගෙන කරන විකාර වලට නම් බටහිර සංචාරකයෝ එතරම්ම කැමති නැහැ. ඒ වගේම තැනකට ගියාට පස්සේ ඒ තැන සම්පූර්ණයෙන්ම බදුගත්තා වගේ ආක්‍රමණශීලී ගති ලක්ෂණත් ඉන්දියානුවන්ගේ තියෙනවා.

 

තරු පන්තියේ හෝටල වල වගේම සාමාන්‍ය ඒවගෙත් අපිට පරිහරණය කරන්න ගොඩක් දේවල් කාමර වල තියෙනවා. ඒවායෙන් අයන්, කොණ්ඩ වියලන යන්ත්‍ර, කෝප්ප පිඟන්, වගේ දේවලුත් ඉන්දියානුවෝ තායිලන්තයේදී පවා උස්සලා අහුවෙලා තියෙනවා. ලංකාවටත් ඉන්දියාවෙන් ආපු සංචාරකයෝ හෝටලවලට වෙලා විදුලි ඉස්තිරික්කයෙන් රොටි පුච්චන් කෑවා කියලා කතාන්දර තියෙනවා. ලංකාවේ අපේ ඇතැම් අය අතරත් මේ වගේ හෝටලවලට ගියාම බඩු උස්සන ගතිගුණ තියෙනවා. අපිත් ඉතින් ඉන්දියානු සම්භවයක් තියෙන උදවිය විදිහට අපිටත් ඉන්දියානු ගති ලක්ෂණ උරුම වෙනවා ඇති.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here