අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම

0
6


නමෝ බුද්ධාය!

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ධම්මපදට්ඨ කථාවෙහි අවසාන කොටස වන බ්‍රාහ්මණ වර්ගය එළිදැක්වීම මෙම මස 23 වනදා එනම් දුරුතු පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකිරීමට නියමිතයි.

කලින් ධම්මපද විවරණ පොත්වල සඳහන්ව තිබුණේ යමක වර්ගයේ සිට භික්ඛු වර්ගය දක්වා පමණයි. මෙම පොතෙන් ධම්ම පදයෙහි අවසාන වර්ගය වන බ්‍රාහ්මණ වර්ගය විස්තර වෙනවා. බ්‍රාහ්මණ වර්ගයේ ගාථා හතළිස් එකක් ඇතුළත් වෙනවා. එම ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත්, මෙම ධම්ම පදය පොත තුළ සටහන්ව තිබෙනවා.

මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

The post අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here