අමා ගඟ ගලාලා… දහම් නෙත් දිලේවා… – Sri News

0
3


තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ධර්මයත් විනයත් ලොව බබළන්නේ විවෘත වූ විටයි සැඟවී තිබෙන විට නොවෙයි.

එහෙත් එය අර්ථවත් ලෙස වටහා ගත් බවක් පෙනෙන්නට නම් නැහැ

අංගුත්තර නිකායේ නිකායේ නික නිපාතයෙහි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සපරියාප්ති ක නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත සන්දිට්ඨික අකාලික  ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යන ගුණයන්ගෙන් යුක්තයි
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි දේශනා කරලා තිබෙන්නේ මේ ලෝකය තුළ වැසී තිබෙන තාක්කල් සැඟවී තිබෙන තාක්කල් බබලන්නා වූ කරුණු තුනක් තිබෙන බවඑනම්…

♦ස්ත්‍රියකගේ පැවැත්ම හෙවත් බැබලීම සිදුවන්නේ සංවර වීම තුළින්  ආරක්ෂාව වූ විටයි විවෘත වූ විට නොවේ

♦බමුණන් ගේ මන්ත්‍රවලට පැවැත්මක් තිබෙන්නේ ඒවායේ රහස් රැකෙන ලෙස ආවරණය වූ විටයි විවෘත වූ විට නොවෙයි

♦එමෙන්ම මිත්‍යාදෘෂ්ටියට ද පැවැත්මක් තිබෙන්නේ එහි සත්‍ය මතු නොවන පරිදි ආවරණය කරගත් විටයි.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ලෝකය තුළ විවෘත වූ විට බබළන තවත් කරුණු තුනක් දැකිය හැකි බවයි

🔺සද මඩළ බබලන්නේ වළාකුළු දුම් මී දුම් ආදියෙන් ආවරණය වී තිබෙන විට නොවෙයි විවෘත වූ විටයි

🔺හිරු මඩල බලන්නේද වළාකුළු දුම් මීදුම් ආදියෙන් ආවරණය වී තිබෙන විට නොවෙයි විවෘත වූ විටයි

🔺මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ ඥානයෙන් යුතුව පෙන්වා වදාළ ශ්‍රී සද්ධර්මය ලොව බලන්නෙත් ආවරණය වී තිබෙන විට නොවෙයි බුද්ධ වචනය අයුරින්ම සත්‍යයට විවෘත වී පවතින විටයි

මේ නිසාම ශාසන හිතකාමී යමෙක් ධර්ම විනය ලොව බැබලේවා යැයි ප්‍රාර්ථනාවෙන් යුතුව අවංක අදහසින් කටයුතු කරයි නම් ඔහු කළ යුත්තේ වැරදි විවරණයන් ගෙන් තොර පෞද්ගලික අදහස් ඇතුළු නොකල පිරිසිදු බුද්ධ වචනය ඒ අයුරින් ම ලොවට විවෘත කොට පෙන්වීමයි

ධර්මයේ නාමයෙන් පෙනීසිටිමින් යමෙකු අධර්මය පවසයි නම් විනය ලෙස බුදුන් නො නොවදාළ අවිනය පවසයි නම් එය මිථ්‍යා දෘෂ්ටියේ සත්‍ය මතු නොවන පරිදි බොරුවෙන් සත්‍ය වසා සිටින තාක් කල් පමණයි.

යම් දිනෙක මිත්‍යාදෘෂ්ඨිය සත්‍ය ස්වරූපය විවෘත වූ විට එදිනට මිත්‍යාදෘෂ්ටියට බැබළීමක් නැහැ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු  වූයේ ද ධර්මයේ පැවැත්මයි

මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ ඥානයෙන් යුතුව දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සැඟ වී යා නොදී සත්‍යයට විවෘත කළ යුතුයි.

බුද්ධ ශාසනයේ පැවැත්මට හානිකර මිථ්‍යා වැඩපිලිවෙලවල් පරාජය කොට ධර්ම විනය ලෝ බැබළවීමට නම් ධර්ම විනය නිවැරදි ලෙස ලොවට විවෘත කළ යුතුයි

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව භික්ෂු සංඝයා අමතා දේශනා කොට වදාළේ …..ප්‍රිය ආයුෂ්මතුනි ….අධර්මය ගන්නට කලින් ධර්මය යටපත් වී යන්නට කලින් අධර්මවාදීන් බබලන්නට කලින් ධර්ම වාදීන් යටපත් වන්නට කලින් අවිනය බබලන්නට කලින් විනය යටපත් වී යන්නට කලින් අවිනය වාදීන් බබළන ට කලින් විනය වාදීන් යටපත් වී යන්නට කලින් එන්න අපි ධර්මයත් විනයත් සංගායනා කරමු යැයි කියායි…

ධර්ම විනය යටපත් වී අධර්මය අවිනය බලවත් වී යන මේ යුගය තුළදී ද අපට අධර්මය අවිනය පරදවා ධර්ම විනය ලොව බැබළ විය හැකියි

ඒ සඳහා කළ යුත්තේ ත්‍රිපිටක ධර්මය විකෘති වී යා නොදී ආරක්ෂා කරගනිමින්  ධර්ම විනය මොලොව විවෘත කිරීමයි එවිට අධර්මය අවිනය යටපත්ව සැබෑ ලෙසට බුදු සසුන බැබළවීම සිදුවනු ඇත.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

The post අමා ගඟ ගලාලා… දහම් නෙත් දිලේවා… appeared first on Sri News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here