අභිසරුලියන් ගැන ලියවුණු පොත් 7ක් – Sri News

0
6

අද අපි කතාකරන්න හිතුවේ වෙනස්ම විෂ​යයක් ගැන ලියුවුණු පොත් හතක් ගැන. ඒ තමයි, අභිසරුලියන්, සරලවම කිව්වොත් ලිංගික ශ්‍රමි​ක වෘත්තීය එහෙමත් නැත්නම් ගණිකා වෘත්ති​ය ගැන ලියවුණු කෘති හතක් ගැන. මේ සමහර පොත් නම් පර්යේෂණාත්ම​ක පොත්. තවත් සමහර ඒවා ප්‍රබන්ධ. ඉතින් එහෙනම් අද අපි ඒ ගැන කතාකරමු.

 

 

නන්දසේන රත්නපාල මහතාගේ මේ කෘතිය නම් පර්යේෂණාත්මක කෘතියක් විදියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ විෂයය සම්බන්ධයෙන් අපේ රටේ ලියැවුණු හොඳම පර්යේෂණාත්මක ග්‍රන්ථය හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්. වසර ගණනාවක් පර්යේෂණ කොට, ලිංගික ශ්‍රමික වෘත්තීයේ යෙදෙන සැබෑ පුද්ගලයන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව තමයි මේ කෘතිය රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කෘතිය හරහා දශක හතරක ගණිකාවන් පරම්පරා තුනක් ගැන තොරතුරු ඇතුළත් වෙනවා.

 

 

අපේ රටේ ඉන්​න දක්ෂ පරිවර්තිකාවක් ​වන කත්‍යානා අමරසිංහ තමයි මේ කෘතිය රචනා ක​ළේ. එම වස​රේ ස්වර්ණ පුස්තක අවසන් වටයටත් නිර්දේශ වෙන්න මේ කෘතිය සමත් වුණා. මේ කෘතියට සරලවම පාදක වෙන්නේ අමා කියන චරිතය. දුෂ්කර පළාතක ජීවත් වන ගණිකාවකගේ දියණියක් වුණු ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක් දක්වා යන ගමනයි මේ පොතට පාදක වෙන්නෙ. 

 

 

මෙයත් ශ්‍රී ලංකාවේ ගණිකාවන් සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණයක් ඇසුරින් නිර්මාණය කරන ලද නවකතාවක්. මාධ්‍යවේදී විපුල සමරනායක තමයි මේ පොත රචනා කරන්නේ. ලීලා නම් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවක​ගේ චරිතය මුල් කරගෙන ගලා යන මේ කතාව සත්‍ය සිදුවීම් පාදක කොටගෙන ලියන ලද්දක්. ගණිකා වෘත්තිය ගැන වගේම ගණිකාව යයි හඳුන්වනු ලබන මනුෂ්‍යයාගේ ජීවිත ඇතුළාන්තය ගැනත් මේ කෘතියෙන් විමසීමක් කොට තිබෙනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here