අපේ සමාජයේ සැබෑ බයියන් ගේ තතු සොයා ගිය ගමනක් | Sri News

0
14


‘බයියා’ ව්‍යවහාරය සමාජ, දේශපාලන කරලිය තුළ වඩාත් ප්‍රකට වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2014 වසර සඳහා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය නිමා වී අසන ලද ‘කොහොමද බයියන්ගේ වැඩ?’ යන උපහාසාත්මක පැනය මුල්කර ගනිමින් බව මගේ වැටහීම ය.

මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශ වී තිබේ. ඒ අනුව මේ වන විට අප ජන සමාජය තුළ පවත්නා පක්ෂ දේශපාලන පන්නරය ද දිනෙන් දින මුවහත් වනු ඇත. විවිධ දේශපාලන පක්ෂ කඳවුරු වෙතින් තමන් ගේ දේශපාලන විරුද්ධවාදීන් වෙත එල්ල කරන නින්දා, අපවාද, අවලාද, මඩ ප්‍රහාර ආදියට ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතිය තුළ ප්‍රධාන තැනක් හිමිව තිබේ. ඒ අතර මෑතක සිට අප රටේ ප්‍රධාන දේශපාලන කඳවුරකට අයත් පිරිසක් හැඳින්වීම පිණිස යෙදුණු ‘බයියා’ යන වදන මේ වන විට බොහෝ දෙනකු දන්නා අව වහරක් බවට පත්ව තිබේ. මෙම ‘බයියා’ ව්‍යවහාරය සමාජ, දේශපාලන කරලිය තුළ වඩාත් ප්‍රකට වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2014 වසර සඳහා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය නිමා වී අසන ලද ‘කොහොමද බයියන්ගේ වැඩ?’ යන උපහාසාත්මක පැනය මුල්කර ගනිමින් බව මගේ වැටහීම ය.ඒ කෙසේ හෝ තත්පර කිහිපයක් තුළ තමන් විසින් සිදු කරන ලද එම ‘බයි’ ප්‍රකාශය ගත වූ නව වසර මෙතරම් ‘නැගලා යතැ’යි අන්‍යයයන් තබා අඩුම තරමින් රාජපක්‍ෂ මහතාවත් නොසිතන්නට ඇත. මේ වන විට ‘බයියා’ යන අව වහර මගින් මේ වන විට හැඳින්වෙනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් බව මගේ හැඟීම ය.

හුදු දේශපාලනික අව වහරක් බව පත්වීමට පෙර ද නාගරික සමාජය විසින් බයියන් ලෙස හැඳින් වූ ග්‍රාමීය ජන කොටසක් අප සමාජයේ සිටියහ.මීට විසි වසරකට පමණ පෙර මෙම ‘බයියන්’ ගේ ඉතිහාසය සම්බන්ධයෙන් විමසුමක් කළ මට වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හත්කෝරලයෙන් ඒ සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කිරීමට හැකි විය.

සාම්ප්‍රදායික පවුල්වාදී දේශපාලනය තුළ නිමග්නව හිඳින ඔවුන් තුළ දේශපාලනමය යාවත්කාලීන බවක්; චින්තන පිබිදුමක් නොමැති බව හැඟවීම පිණිස මෙම ‘බයි’ යන වදන යොදා ගෙන තිබේ.
එහෙත්, හුදු දේශපාලනික අව වහරක් බව පත්වීමට පෙර ද නාගරික සමාජය විසින් බයියන් ලෙස හැඳින් වූ ග්‍රාමීය ජන කොටසක් අප සමාජයේ සිටියහ.මීට විසි වසරකට පමණ පෙර මෙම ‘බයියන්’ ගේ ඉතිහාසය සම්බන්ධයෙන් විමසුමක් කළ මට වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හත්කෝරලයෙන් ඒ සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කිරීමට හැකි විය.නූතන සමාජය බයියන් යන අවඥා සහගත වදනින් ඇමතුව ද තමන් 1817 ඌවෙන් ඇරඹුණු ඉංග්‍රීසි යටත් විජිත පාලනයට එරෙහි පළමු යටත් විජිත අරගලයට නායකත්වය දුන් ජාතික වීර වරයන් ගේ පරම්පරා වලට උරුමකම් කියන බව ඉහත සඳහන් ජන කොටස අවධාරණය කරති. එම අරගලයට නායකත්වය දෙමින් 1817 සැප්තැම්බර් 16 දා බ්‍රිතාන්‍ය ඒජන්ත සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් ගේ හිස ගසා එම හිස බිබිලේ උණගොල්ලේ ඊතණවත්තේ ප්‍රදර්ශනය කරවූ මීගහපිටිය වලව්වේ හිටිහාමි මුදියන්සේ රටේ රාළ තම මී මුත්තකු බව හිටිහාමි මුදියන්සේලාගේ යන පෙළපත් නාමය හිමි ගල්ගමුව ප්‍රදේශයට අයත් වන්නි හත්පත්තුවේ පාරම්පරික ගැමියන් මා හා කියා තිබේ.

“ඒ සිද්ධියෙන් පස්සේ සුද්දෝ ඌවේ තිබුණු අපේ පාරම්පරික ගම් බිම් ඔක්කොම රාජ සන්තක කළාලු. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ උන් අපේ පෙළපත් ගැන හොය හොයා ගම් බිම් පීර පීරා අපේ දරු පවුල් පිටින් විනාශ කරන්න පටන් අරන් තියනවා. ඊට පස්සේ තමයි අපේ මීමුත්තෝ මේ වන්නි හත්පත්තුවේ පුරාණ ගම් වැව් මුල් කරගෙන ජනාවාස ගොඩනඟා ගෙන තියෙන්නේ.ඒ වෙන කොට මේවා තුන් දොහේ උණ,හත් දොහේ උණ වගේ භයානක රෝග හින්දා පාළුවට ගිහින් තිබුණාලු.ඒත් අපේ මුතුන් මිත්තෝ ඒ අභියෝග ජය අරගෙන මේවායේ පදිංචි වෙලා හේන් කුඹුරු කරලා තියනවා” ඔවුන් මා හමුවේ ඉදිරිපත් කළ පොදු අදහස එයයි. මෙලෙස ඉංග්‍රීසි ජාතිකයන් ගේ උදහසට ලක් ව නුවර කලාවියේ සහ හත්කෝරලයේ අප්‍රකට ලෙස ජීවත් වූ කන්ද උඩරට ජන ප්‍රධානීන් අතර හිටිහාමි මුදියන්සේලාගේ මෙන්ම ඉමිහාමි මුදියන්සේලා ගේ සේම හේරත් මුදියන්සේලා ගේ යන පෙළපත් නාම හිමිකරුවන් සිටි බව කියනු ලැබේ. ඊට අමතරව එවක කන්ද උඩරට රාජ්‍යයේ ඔවුන් සමීපයේ ජීවිකාව ගත කළ සේවාකාර කුල නියෝජනය කරන තවත් පිරිසක් ද එම කාලයේ දී නුවර කලාවියට හා වන්නි හත්පත්තුවට සංක්‍රමණය වී ඇත.නමුත් ඔවුන් ඉංග්‍රීසීන්ට බයෙන් පලා ආ නිසා “බයෙන් ආ අය” යන අරුතින් පසුව බයියන් ලෙස ප්‍රකට වූ බවට මතයක් තිබේ.

මෙහිදී ඔවුන් ගේ පෙළපත් නම් සඳහා යෙදුණු ‘මුදියන්සේ’ යන්න සම්බන්ධයෙන් ද විශේෂ විමසුමක් කළ යුතුය.ක්‍රි.ව 1707-1739 අතර කන්ද උඩරට රජ කළ වීර පරාක්‍රම නරේන්ද්‍ර නරේන්ද්‍රසිංහ රජු විසින් එවක සිංහල සමාජයට ආගන්තුකයන් වූ ඉග්නේෂියෝ ද අල්මේදා සහ ගොන්සාල්වෙස් යන පියතුමන්ලාට කන්ද උඩරට රාජ්‍යයේ කිසියම් සමාජ තත්වයක් ලබාදීම සඳහා ඔවුන් දෙදෙනා හට මුදියන්සේලාට දක්වන නම්බු තලම්බු, ගරු සැලකිලි දැක්වීම් කළ යුතු යැයි ජනතාවට රාජාඥාවක් නිකුත් කර තිබේ. මේ බව මහනුවර කතෝලික මිෂනාරි ක්‍රියාකාරීකම් සහ මහනුවර රජු අතර සම්බන්ධතාවයන් සවිස්තර කොට 1750 ලියන ලද පෘතුගීසි ලිපියක සඳහන් ය. මෙහි මුදියන්සේ යනු කන්ද උඩරට රාජ්‍යයේ ඉහළ ගිහි ප්‍රභූන් හැඳින්වූ නමකි. එහි අදහස මුදලි වහන්සේ යන්න ය. මුදියන්සේ යන්න පී. එම්. පී. අබේසිංහ ලියූ ‘උඩරට විත්ති’ ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ මුදලි යන අර්ථයට සමාන අර්ථයක් ලෙසිනි. මුදලි යන්න ‘මොදල්’ යන ද්‍රවිඩ වචනයෙන් බිඳී ආවකි.මොදල් යනු මූලිකයා හෙවත් ප්‍රධානියා යන අදහසය. මුදලි යන්නට වහන්සේ යන්න එකතු වීමෙන් මුදලි වහන්සේ වී පසුව එය මුදියන්සේ විය. ඉහත කී පූජක වරුනට රාජාඥාවක් මගින් මෙවැනි තත්ත්වයක් ආරෝපණය කිරීමෙන් පෙනී යන්නේ එවක සමාජයේ මුදියන්සේ වරු සමාජයේ ඉහළම ගෞරවයක් ලැබූවන් බව ය.
ඒ කෙසේ හෝ 1817 එම නිදහස් අරගලයට සම්බන්ධ තම මුතුන් මිත්තන් පසු කලෙක ඌවේ ජනතාව දේවත්වයෙන් සැළකූ බවත් එම දෙවිවරුන් ගේ ඇදහීම් සම්බන්ධ
විස්තර බිබිලේ මැදගම කොටබෝව දේවාලය ඇතුළු පුදබිම් වල අදටත් සිදු කෙරෙන දේව කන්නලව් ආදියෙන් දැන ගත හැකියැයි ගල්ගමුව ප්‍රදේශයේ පාරම්පරික ගැමියන් මා හා කියා තිබේ.එම තොරතුරු වල සත්‍ය පසුබිමක් ඇති බැවින් බයි මිනිසුන් ගේ ආදිතමයන් වන දෙවි වරුන් ද සිටි බව පිළිගන්නට අපට සිදුවෙයි.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩත්තව දකුණ ග්‍රාම නිලධාරී මැදකැළේ වසමේ ගම්මානයේ පාරම්පරිකව පදිංචි මාරක මුදියන්සේලා ගේ පෙළපත් නාමයට හිමිකම් කියන්නවුන් ද මෙම 1817 කැරැල්ලට සම්බන්ධ ජන ප්‍රධානීන් ගෙන් පැවැත එන බවට මතයක් තිබේ. එමෙන්ම ඒ ඔස්සේ තම යටගියාව පිළිබඳව විස්තර කළ එහි පාරම්පරික ගැමියෝ තමන් කුවේණියගේ පරපුරෙන් පැවත එන බවක් ද මා හා කියා තිබේ. නමුදු තමන් බයියන් ගේ ගණයට අයත් නොවන බව ද ඔව්හු වැඩිදුරටත් කියති.ඊට හේතුව කුමන්දැයි මට අදටත් නොවැටහෙයි.එමෙන්ම, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේ දී මෙම බයි ව්‍යවහාරයට ඊට වඩා දුර දිගට යන අතීතයක් ඇති බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.

පහතරට වැසියන් එවක සිංහලේ නමින් හැඳින්වුණු ප්‍රදේශවල ගැමියන් හඳුන්වන ලද්දේ ‘බයියන්’ ලෙසිනි. මෙහි සරල අරුත වූයේ සමාජමය වශයෙන් යාවත්කාලීන නොවී නූගත් ගැමියා යන්නය.
‘බයියා’ යන වදනින් සෘජු අරුතක් පළ නොවේ. එහෙත් සිරි ලියනගේ සූරීන් විසින් සම්පාදනය කරන ලද ජනශ්‍රැති ශබ්ද කෝෂයට අනුව ඉන් කුඩා ළමයා යන අරුත ද පළ වේ. මෙහිදී කුඩා දරුවන් ‘බත්’ යන්න ‘බයි’ යනුවෙන් උච්චාරණය කරන බව ද අප මෙනෙහි කළ යුතුය.ඒ අනුව එවක රටට බත සැපයූ කන්ද උඩරට රාජ්‍යයේ වැසියන් හෙවත් රටට බත සපයන ගොවියන් ඒ අරුතින් ‘බයියන්’ ලෙස ද හඳුන්වන්නට ඇතැයි ද සිතිය හැකිය.

එම විමසුම් වලට අනුව අතීත කන්ද උඩරට රාජ්‍යයට අයත් රට අභ්‍යන්තරයේ ප්‍රදේශවල හෙවත් “සිංහලේ” ගැමියා හට මෙලෙස මුල්වරට ‘බයියා’ යන සරදම් නාමය එල්ල කොට ඇත්තේ පෘතුගීසි යටත් විජිත සමය (ක්‍රි. ව. 1505-1658) තුළ බව පෙනේ.එවක පහතරට පාලනය කළ පෘතුගීසීන් යටතේ නව සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රවණතාවන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් එම නවීකරණය එක්තරා අභිමානයක් ලෙස සැලකූ බව ද පෙනේ.රතු මුහුද ඔස්සේ ආසියාවට එන අතරේ අරාබි වෙළෙඳුන් පෙරදිග රටවලින් ගොනු කරගෙන සිටි මුතු, මැණික්, ඇත් දළ සහ කුළුබඩු කොල්ල කෑ පෘතුගීසීහු ඒ සියලු සම්පත් පිරුණු අප රට හඳුන්වන්නේ ‘සෙයිලෝ’ යන නමිනි. එනිසාම ඔවුන් පාලනය කළ ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ ‘සෙයිලම’ යනුවෙන් හැඳින්විණි.අනතුරුව පහතරට බලය අත්පත් කරගෙන සිටි පෘතුගීසීන් සමඟ දැඩි සේ උරණ වූ කන්ද උඩරට රජ කළ දෙවන රාජසිංහ රජු එවක ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඕලන්ද ජාතිකයන් ලවා පෘතුගීසී බලය මැඬලූ අතර ඉන්පසුව සිදු වූ ඕලන්ද ජාතිකයන්ගේ ක්‍රියාකාරකම් රටේ අභ්‍යන්තර ජනතාව දුටුවේ රජතුමා කළ ‘ඉඟුරු දී මිරිස් ගැනීමක්’ ලෙසිනි.කන්ද උඩරට ජනතාව එසේ සිතුව ද ක්‍රි. ව. 1658 – 1796 තෙක් පැවැති ඕලන්ද සමයේ දී ඔවුන් පාලනය කළ පහතරට ප්‍රදේශවල අධ්‍යාපන, නීති, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සැලකිය යුතු සංවර්ධනයක් ඇතිවිය.එහෙත්, ඒ සංවර්ධනයේ උණුසුම කන්ද උඩරට රාජ්‍යයට අයත් ප්‍රදේශවලට සම්ප්‍රේෂණය නොවීම මත පහතරට වැසියන් එවක සිංහලේ නමින් හැඳින්වුණු ප්‍රදේශවල ගැමියන් හඳුන්වන ලද්දේ ‘බයියන්’ ලෙසිනි. මෙහි සරල අරුත වූයේ සමාජමය වශයෙන් යාවත්කාලීන නොවී නූගත් ගැමියා යන්නය.
‘බයියා’ යන වදනින් සෘජු අරුතක් පළ නොවේ. එහෙත් සිරි ලියනගේ සූරීන් විසින් සම්පාදනය කරන ලද ජනශ්‍රැති ශබ්ද කෝෂයට අනුව ඉන් කුඩා ළමයා යන අරුත ද පළ වේ. මෙහිදී කුඩා දරුවන් ‘බත්’ යන්න ‘බයි’ යනුවෙන් උච්චාරණය කරන බව ද අප මෙනෙහි කළ යුතුය.ඒ අනුව එවක රටට බත සැපයූ කන්ද උඩරට රාජ්‍යයේ වැසියන් හෙවත් රටට බත සපයන ගොවියන් ඒ අරුතින් ‘බයියන්’ ලෙස ද හඳුන්වන්නට ඇතැයි ද සිතිය හැකිය.

පසුගිය කාලයේ අප අතරින් සදහටම වෙන්වූ ප්‍රවීණ ගීත රචකයකු වූ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ද තමන් මිහින්තලේ මරදන්කල්ල නම් ගමේ වන්නිහාමි නම් පාරම්පරික වෙද මහතකුගේ පුතෙකු බවත් ‘අමුම අමු බයියකු’ බවත් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ ආදියේ දී පවා කී අයුරු අපට මතකය. ඒ බයිකම ඔහුට මහත් අභිමානයක් වූ නිසාම විය හැක.

බයියන් යනු හුදෙක් ලාංකික ජන කොටසක් බැවින් ඔවුන් සඳහා වන ඉංග්‍රීසි වදනක් නැතැයි යමකුට සිතෙන්නට පුළුවන. නමුදු මුහුද නොදුටු මුහුදු ගමන් පිළිබඳ නොදත් තැනැත්තා යන අරුත ගෙනෙන Landlubber යන ඉංග්‍රීසි වදන මීට ආසන්න අරුතක් පළ කරයි.දාහතර වන සියවසේ දී පමණ ඉංග්‍රීසි බසට එක්වූ මෙහි මුහුද නොදුටු, මුහුදු ගමන් පිළිබඳව නොදත් යන්න වර්තමානයට අනුව බාහිර ලෝකය හා ජාත්‍යන්තරය පිළිබඳව නොදත් වශයෙන් අර්ථ ගැන්විය හැක. බයියා යන දේශපාලන උපහාසය ද එමගින් ගොඩනැගුණු බව පෙනේ.
ඒ කෙසේ හෝ පරගැති මානසිකත්වයෙන් යුතු පහතරට යටත් විජිත වැසියන් විසින් බයියන් ලෙස හඳුන්වනු ලැබීම තමන් හට දක්වනු ලබන ගෞරවයක් සේ එකල ඇතැම් ගැමියන් සැලකූ අතර අදත් එලෙස සලකන වැඩිහිටියෝ හත් කෝරලය සහ නුවර කලාවිය ආදී ප්‍රදේශවල සිටිති.
පසුගිය කාලයේ අප අතරින් සදහටම වෙන්වූ ප්‍රවීණ ගීත රචකයකු වූ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ද තමන් මිහින්තලේ මරදන්කල්ල නම් ගමේ වන්නිහාමි නම් පාරම්පරික වෙද මහතකුගේ පුතෙකු බවත් ‘අමුම අමු බයියකු’ බවත් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ ආදියේ දී පවා කී අයුරු අපට මතකය. ඒ බයිකම ඔහුට මහත් අභිමානයක් වූ නිසාම විය හැක.

පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රදේශයෙන් බිහි වූ විදග්ධ සාහිත්‍යධරයකු සහ නාට්‍යකරුවකු වූ සයිමන් නවගත්තේගමයන්ගේ ලේඛනවල ද ‘බයියා මස්සිනා’ නම් චරිතයක් තිබේ. ඔහුගේ එක් කෘතියක පිදුමෙහි ද ‘බයියා මස්සිනා’ යනුවෙන් සඳහනක් තිබූ බව අපට මතකය.එහෙත්, එය පුද්ගලයකු හැඳින්වීම පිළිබඳ සඳහනක් විනා යම් ජන කොටසක් හැඳින්වීම පිණිස කළ සඳහනක් නොවේ. ඉන් අපට හැඟෙනුයේ මෙම බයියා යන්න ඇතැම් පුද්ගලයන් හැඳින්වීම පිණිස ද යෙදෙන්නක් බවය.
පෘතුගීසීන් විසින් සෙයිලෝ යනුවෙන් හඳුන්වන ලද අපේ රට ඉන්පසුව පාලනය කළ ඕලන්ද ජාතිකයන් විසින් හඳුන්වන ලද්දේ සිලොන් සහ සෙලාන් යනුවෙනි.
එය සිලෝන් යනුවෙන් හඳුන්වන ලද්දේ 1796 වසරේ සිට මෙරට පහතරට පාලනය භාරගත් ඉංග්‍රීසීන් විසිනි. අප රට යටත් විජිත පාලනයට නතු වූ ඒ යුග තුනේදීම පහතරට වැසියන්ගෙන් බයියා නම් වන මෙම උපහාසය සිංහලයේ ගැමියන් වෙත නිරතුරුවම එල්ල වන්නට ඇත.වත්මන් සමාජ ආර්ථික පසුබිම යටතේ ශ්‍රී ලාංකීය මධ්‍යම පන්තිය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ශීඝ්‍රයෙන් විස්තාරණය වෙමින් තිබේ. ඒ අනුව ගම සහ නගරය අතර පවත්නා සමාජ, ආර්ථික විෂමතා බොහොමයක් සිඳී බිඳී යමින් පවතී.
විශේෂයෙන් මහාමාර්ග, ප්‍රවාහන සහ සන්නිවේදන පද්ධති මගින් මෙම මධ්‍යම නව පන්තිය එකම ජාලයක් ලෙස බැඳී පැවතීම මත අතීතයේ බයියන් ලෙස හැඳින්වුණු ජන කොටස හුදෙක් නාම මාත්‍රයක් බවට පත්වෙමින් තිබේ.
ඉහත සඳහන් එෛතිහාසික සමාජ පසුබිම කුමක් වුවද පාර්ලිමේන්තුවේදී 2014 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළ මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරන ගිරුවාපත්තුව යටත් විජිත ආක්‍රමණ වලට නතු වූ ප්‍රදේශයක් බැවින් එය බයියන්ගේ ප්‍රදේශයක් ලෙස කෙසේවත් සැලකිය නොහැක.එහෙත්, එවන් පසුබිමක් තුළ වුව වත්මන් සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යුහය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැත්තා බයියෙකු ලෙස හඳුන්වන්නේ නම් එම න්‍යායට අනුව හා එකී ප්‍රකාශය මත පදනම්ව මහින්ද රාජපක්‍ෂ මහතා ද තමන් හඳුන්වා ගත් ලෙසින්ම ‘බයියෙකු’ වනු ඇත.

තිලක් සේනාසිංහ





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here